iCloud සහ Apple Pay එකපාරටම ඇණහිටියි - ඇපල් වෙතින් හදිසි නිවේදනයක්

By Aylin Zoya Nov 18, 2026 04:00 AM GMT
Report

අභ්‍යන්තර පද්ධති යාවත්කාලීන කිරීමක් හේතුවෙන් ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා iCloud සහ Apple Pay ඇතුළු පාරිභෝගික සේවාවන් රැසකට බාධා එල්ල වීමෙන් පසු සිය පද්ධති යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව ඇපල් සමාගම පවසයි.

අඟහරුවාදා දිනයේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාගම සඳහන් කර ඇත්තේ මෙම බිඳවැටීම සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූවක් නොවන බවයි. එමෙන්ම, බලපෑමට ලක්වූ බොහෝ පද්ධති මේ වන විට යළි ක්‍රියාත්මක වෙමින් පවතින බවද සමාගම පවසා තිබේ.

ඉතිරිව පවතින පද්ධති ද හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව ඇපල් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

මේ අතර, සේවා ඇනහිටීම් පිළිබඳ පරිශීලක වාර්තා නිරීක්ෂණය කරන Downdetector වෙබ් අඩවියට අනුව, ඇමරිකානු නැගෙනහිර වේලාවෙන් දහවල් 12.20 පමණ වන විට Apple Pay සේවාවේ ගැටලු සම්බන්ධයෙන් පරිශීලක වාර්තා 2,300කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබේ.

දිවයිනේ මේ ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍යමය බලපෑම් ඇති වීමේ අවදානමක් - හුස්මත් විස වෙන ලකුණු - අවධානයෙන් සිටින්නැයි දන්වයි

දිවයිනේ මේ ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍යමය බලපෑම් ඇති වීමේ අවදානමක් - හුස්මත් විස වෙන ලකුණු - අවධානයෙන් සිටින්නැයි දන්වයි

එමෙන්ම, ඇනහිටීමේ උපරිම අවස්ථාවේදී iCloud සේවාව සම්බන්ධයෙන් ද වාර්තා 1,800කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව එම වෙබ් අඩවිය සඳහන් කරයි.

කෙසේ වෙතත්, Downdetector වෙබ් අඩවියේ සංඛ්‍යාලේඛන පදනම් වී ඇත්තේ පරිශීලකයන් විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තා මත වන බැවින්, සැබෑ ලෙස බලපෑමට ලක්වූ පරිශීලකයන් සංඛ්‍යාව මීට වඩා වෙනස් විය හැකිය.

මෑත දිනවල ඇමරිකා එක්සත් ජනපදය තුළ වාර්තා වූ තාක්ෂණික සේවා බිඳවැටීම් මාලාවක් අතරතුර මෙම ඇපල් සේවා ඇනහිටීම ද වාර්තා වී තිබේ.

ඒ අතර ගෝලීය මයික්‍රොසොෆ්ට් සේවා ඇනහිටීමක්, රටපුරා ගුවන් ගමන් නවතා දැමීමට හේතු වූ එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ (FAA) ජාල අසාර්ථකත්වයක්, යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගමේ තාක්ෂණික දෝෂයක් සහ JPMorgan Chase බැංකුවේ ඇතැම් සේවාවන්ට බලපෑ මෘදුකාංග ගැටලුවක් ද ඇතුළත් වේ.

කෙසේ වෙතත්, අදාළ සමාගම් සහ බලධාරීන් අවධාරණය කර ඇත්තේ මෙම සිදුවීම් සයිබර් ප්‍රහාරවලට සම්බන්ධ නොවන බවයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

බලාපොරොත්තු නොවූ අසීමිත සතුටක් සහ ප්‍රබෝධයක් ගෙන දෙන සුබ කාරණා රැසක් - අද දවස කිරියෙන් පැණියෙන් උතුරන ලග්න පලාපල

බලාපොරොත්තු නොවූ අසීමිත සතුටක් සහ ප්‍රබෝධයක් ගෙන දෙන සුබ කාරණා රැසක් - අද දවස කිරියෙන් පැණියෙන් උතුරන ලග්න පලාපල