බිහිසුණු අනතුරක් - රුසියාවේ හමුදා ගුවන් යානයක් කඩා වැටී යානයේ ගමන් ගත් 19 දෙනාම ජීවිතක්ෂයට

Report

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් දේශීය මාධ්‍ය වාර්තා කරන්නේ, බටහිර සයිබීරියාවේදී හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයින් 19 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඒ අනුව මොස්කව් නගරයට නැගෙනහිරින් කිලෝමීටර් 3,000ක් පමණ දුරින් පිහිටි කෙමෙරොවෝ (Kemerovo) නගරය ආසන්නයේ, ජනාවාස නොමැති ප්‍රදේශයකට මෙම 'ඇන්ටනොව් An-12' (Antonov An-12) වර්ගයේ ප්‍රවාහන ගුවන් යානය කඩා වැටී ඇති බව සඳහන්.

දිවයිනේ මේ ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍යමය බලපෑම් ඇති වීමේ අවදානමක් - හුස්මත් විස වෙන ලකුණු - අවධානයෙන් සිටින්නැයි දන්වයි

දිවයිනේ මේ ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍යමය බලපෑම් ඇති වීමේ අවදානමක් - හුස්මත් විස වෙන ලකුණු - අවධානයෙන් සිටින්නැයි දන්වයි

සාමාන්‍යයෙන් මෙවැනි An-12 යානයක කාර්ය මණ්ඩලය හය දෙනෙකුගෙන් සමන්විත වේ. කෙසේ වෙතත් ගුවන් හමුදා විශේෂඥයින් මෙම අනතුරට හේතුව පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටියි.

එසේම මූලික සොයාගැනීම්වලට අනුව එයට හේතුව ලෙස උපකරණවල ඇති වූ දෝෂයක් විය හැකි බව පෙනී යන බවට සැක පළ කරයි.

මේ අතර අනතුර සිදුවූ ස්ථානයේ සිට ටෙලිග්‍රෑම් පණිවිඩයක් නිකුත් කරමින් කලාපීය ආණ්ඩුකාර ඉලියා සෙරෙඩියුක් සඳහන් කර ඇත්තේ හදිසි සේවා කණ්ඩායම් විසින් එහි හටගත් ගින්න නිවා දමා තිබෙන බවයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න