පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක් - ග්‍රාම නිලධාරීවරයා සහ ප්‍රජා පොලිස් කමිටුව දැනුවත් කරන්න [VIDEO]
හුදෙකලා නිවාසවල වෙසෙන වැඩිහිටියන් අපරාධකරුවන්ගේ පහසු ඉලක්ක බවට පත්විය හැකි බැවින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලීසිය පෙන්වා දෙන්නේ දරුවන් රැකියා සඳහා පිටත්ව යාම, විදේශගත වීම හෝ වෙනත් පළාත්වල පදිංචි වීම හේතුවෙන් වැඩිහිටියන් නිවෙස්වල තනිව සිටීමේ අවස්ථා ඉහළ ගොස් ඇති බවයි.
විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ අරමුණින් මෙවැනි නිවාස ඉලක්ක කර ගන්නා බවත්, ඇතැම් අවස්ථාවල එවැනි අපරාධ ඝාතන තෙක් වර්ධනය වන බවත් පොලීසිය පවසයි.
ගුරු පත්වීම්වලට පාසල් මනාප පළ කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක් - කැඳවීමේ ලිපිය මෙතෙක් නොලැබුණු අයදුම්කරුවන්ට විශේෂයි
එබැවින් වැඩිහිටියන් රැකබලා ගැනීමට බාහිර පුද්ගලයන් හෝ ගෘහ සේවකයන් යොදා ගැනීමේදී ඔවුන්ගේ පසුබිම පරීක්ෂා කර පොලිස් වාර්තාවක් ලබාගැනීම වැදගත් බව පොලීසිය අවධාරණය කර ඇති බව සඳහන්.
එසේම හදිසි අවස්ථාවකදී ඇමතීම වෙනුවෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකය, 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ඇතුළු අත්‍යවශ්‍ය දුරකථන අංක නිවසේ පහසුවෙන් දැකගත හැකි ස්ථානයක ප්‍රදර්ශනය කරන ලෙසද දැනුම් දී තිබෙනවා.
ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්
ඊට අමතරව හුදෙකලාව වෙසෙන වැඩිහිටියන් පිළිබඳව ග්‍රාම නිලධාරීවරයා සහ ප්‍රජා පොලිස් කමිටුව දැනුවත් කිරීම, අසල්වැසියන් සමඟ සුහද සබඳතා පවත්වා ගැනීම, පහසුවෙන් භාවිත කළ හැකි ජංගම දුරකථනයක් ලබාදීම සහ නිවස අවට රාත්‍රී කාලයේ ප්‍රමාණවත් ආලෝකයක් පවත්වා ගැනීම ඇතුළු ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටින බව සඳහන්.
තවද නාඳුනන පුද්ගලයන් නිවසට කැඳවා ගැනීමෙන් වළකින ලෙසත්, දෙමාපියන් සහ වැඩිහිටියන් හුදෙකලා කිරීම අවම කර ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවට දැනුම් දී ඇති බව සඳහන්.