දෙල් මිල දෙල් වෙයි - ගෙඩියක් රුපියල් 500ට යයි
නිට්ටඹුව නගරයේ ඊයේ (17) දින අඟහරුවාදා සතිපොළේ දෙල් ගෙඩියක මිල රුපියල් 500 දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව ප්‍රමාණයෙන් තරමක් ලොකු දෙල්ගෙඩි රුපියල් 500 බැගින්ද කුඩා දෙල්ගෙඩි රුපියල් 400 බැගින්ද අලෙවි කරන අයුරු දක්නට ලැබුණු බව සඳහන්.
මේ අතර දෙල්ගෙඩි මිලදී ගැනීමට දෙල් අලෙවි ව්‍යාපාරිකයා අසලට පැමිණි ඇතැම් පාරිභෝගිකයන් දෙල් මිල විමසීමෙන් අනතුරුව දෙල් මිලදී නොගෙන පිටවී යන අයුරුද ඇතැම් පාරිභෝගිකයන් රුපියල් 400, 500 බැගින් මුදල් ගෙවා දෙල්ගෙඩි මිලදී ගනු ලැබූ අයුරුද දැකගත හැකි වූ බව වාර්තා වේ.
තාත්තේ අද ළඟ ඉන්න බැරි වුණත්.. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ 81 වැනි ජන්ම දිනයට නාමල්ගෙන් සංවේදී සටහනක්
කෙසේ වෙතත් දෙල්ගෙඩියක මිල රුපියල් 500 දක්වා ඉහළ ගොස් තිබීම පිළිබඳව නිට්ටඹුව සතිපොළේ දෙල් අලෙවි කළ ව්‍යාපාරිකයාගෙන් කළ විමසීමකදී දෙල් රැගෙන එනු ලබන්නේ අනුරාධපුර ප්‍රදේශයෙන් බවද දෙල්ගෙඩිවල පවතින හිඟය සහ ප්‍රවාහන වියදම් ඉහළ යාම හේතුවෙන් දෙල් මිල ඉහළ ගොස් ඇති බවද ඔහු පැවසූ බව සඳහන්.