රටේ හැමෝම ආදරය කරන දිනිති වල්ගමගේ හදිසියේම ගුවන් සේවයට සමුදුන්නේ ඇයි..? කවුරුත් නොසිතූ හේතුවක් – (PHOTOS)

By Zara Apr 21, 2025 05:00 PM GMT
Report

අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ. දි

නිති වල්ගමගේ හදිසියේම ගුවන් සේවයට සමුදුන්නේ ඇයි..?

කවුරුත් නොසිතූ හේතුවක් ගොඩක් දෙනෙක් ඇයව දැනගත්තේ ගුවන් සේවිකාවක් විදිහටයි.

ඒ ඇය රංගනයට අවතීර්ණ වීමටත් කලිනුයි. දිනිති ඒ රැකියාවට ගොඩක් ආදරේ කළා කියන එක සැබෑවක්.

ඒ විතරක් නෙවෙයි, ගුවන් සේවයට මෑත කාලයේදී දිනිති සමුදුන්නේ ඇයි කියන එක ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තිබුණා.

මේ අන්න ඒ ගැන දිනිති කියලා තිබුණ කතාවක්.

‘‘අපි හැමෝම නතරවෙන්නේ සතුට තියෙන තැන්වලනේ. විවාහයට කලින් මගේ සතුට තිබුණේ මම කරන රැකියාව තුළ. මම මගේ රැකියාවට ගොඩාක් ආදරය කළා. ඒත් පසුකාලීනව මට ඊටත් වඩා සතුට සැනසීම ගෙනෙන කෙනෙක් මුණගැහුනා. ඒ වෙන කවුරුවත් නෙමෙයි මගේ මහත්තයා. ඔහුගෙන් මට ලැබෙන ආදරය, සැනසීම, සතුට වචනවලින් කියන්න බැරි තරම්. ඒ නිසා මම ගොඩක් සතුටින් ආදරයෙන් බැඳිලා හිටිය මගේ රැකියාවට සමු දුන්නා. ඒ ගැන මට කිසිම පසුතැවීමක් හෝ දුකක් නෑ. ඊටත් වඩා සතුටකින් සැනසීමකින් මම අද ජීවත් වෙනවා. මම රස්සාවෙන් අයින් වුණා කියලා ලස්සන තැන් බලන්න යන එක ලෝකෙ වටේ යන එක නම් නතර වුණේ නැහැ. මාව ලෝකේ වටේම එක්කරගෙන යනවා කියන පොරොන්දුව එයාගෙන් අරගෙනයි මම රැකියාවෙන් අයින් වුණේ. එයා ඒ පොරොන්දුව ඒ විදිහටම රකිනවා.’’

[OEAX4RJ]

[NXVZKFF]

GalleryGalleryGalleryGallery