අම්මටයි තාත්තටයි ඇස් පේන්නේ නෑ, අස්වැසුමත් කපලා" – දුක දරාගන්න බැරුව කුඩා දරුවෙක් ජනාධිපතිට ලියූ සංවේදී ලිපිය ගැන අලවතුවල පාර්ලිමේන්තුවේදී කියයි

By Kanchana Nov 17, 2026 09:37 AM GMT
Report

අස්වැසුම සහනාධාරය අහිමිවීමත්, මව සහ පියා දෙදෙනාම දෘශ්‍යාබාධිත තත්ත්වයෙන් පසුවීමත් හේතුවෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින පවුලක කුඩා දරුවෙකු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී J.C. අලවතුවල මහතා අනාවරණය කළේය.

අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම කරුණ හෙළි කළේය.

අදාළ පවුලේ මව සහ පියා දෙදෙනාම පෙනීමේ දුෂ්කරතාවලින් පෙළෙන අතර, ඔවුන්ට හිමිව තිබූ අස්වැසුම සහනාධාරය ද කපා හැරීම හේතුවෙන් පවුලේ ජීවනෝපාය පවත්වාගෙන යාම දැඩි අභියෝගයක් වී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එම තත්ත්වය හමුවේ පවුල මුහුණදෙන දුක්ගැහැට තවදුරටත් දරාගත නොහැකි වූ කුඩා දරුවා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ අතර, 2025 වසරට පෙර සහ ඉන් පසුව විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් අතර පවතින විශ්‍රාම වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ද අයවැය විවාදයේදී අදහස් පළ විය.

කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න

කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න