රනිල්ට අල්ලස් කොමිසමෙන් දිනදෙයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන අප්‍රේල් 25 වැනිදා උදෑසන 9.30ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
මෙය ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහි පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ය.
මීට පෙර, පසුගිය අප්‍රේල් 17 වැනිදා උදෑසන 9.30ට අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබූ නමුත්, එදින පැමිණීමට නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමට දැනුම් දී තිබුණි.
ඒ අනුව, අද දින නැවත අල්ලස් කොමිසම විසින් නව දිනයක් ලබාදී ඇත.