පාර්ලිමේන්තුව යළි රැස්වෙයි - 2027 අයවැය විවාදයේ අද දවසේ සජීවී විකාශය මෙන්න[LIVE]
අද (16) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
ඉන් අනතුරුව අයවැය දෙවනවර කියවීමට අදාළ විවාදය පසුගිය 13 වැනිදා ආරම්භ වූ අතර, අද (16) එහි තෙවන දිනය ලෙස සැලකෙනවා. නොවැම්බර් 20 වැනිදා දක්වා දින හතක් පුරා පැවැත්වෙන දෙවනවර කියවීමේ විවාදයට අදාළ ඡන්ද විමසීම එදින පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.
අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
එම විවාදය අවසානයේ 2027 අයවැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ද ඇතුළුව සෑම දිනකම පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වී අයවැය විවාද පැවැත්වීමට නියමිතයි.
2027 අයවැය විවාදයේ සජීවී විකාශය පහතින් නැරඹිය හැකියි.