රාජ්‍ය සේවයට පුද්ගලයින් 40000ක් අලුතින් බඳවාගැනීම් - පාසල් සඳහා 'ස්මාර්ට් බෝඩ්' හා අන්තර්ජාල පහසුකම්

Report

ජාතික ජන බලවේග (NPP) රජය යටතේ රාජ්‍ය සේවයට පුද්ගලයින් 40,000ක් පමණ අලුතින් බඳවාගෙන ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

මෙම පත්වීම් දේශපාලන මැදිහත්වීම්වලින් තොරව, සුදුසුකම් මත පදනම්ව සහ විනිවිද පෙනෙන ක්‍රියාවලියක් හරහා සිදු කර ඇති බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ - ගුරුවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ගැන අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්

දෙවන අදියරේ සම්මුඛ පරීක්ෂණ - ගුරුවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ගැන අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්

ඊයේ (13) පාර්ලිමේන්තුවේදී 2027 අයවැය යෝජනා පිළිබඳ විවාදයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. 2027 අයවැය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා රුපියල් බිලියන 749කට අධික මුදලක් වෙන් කර ඇති බවත්, එය සමස්ත රජයේ වියදම්වලින් සියයට 12කට වඩා වැඩි ප්‍රමාණයක් බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

තවද, පාසල් 4,570කට අධික සංඛ්‍යාවකට 'ස්මාර්ට් බෝඩ්' (smart board) පහසුකම් ලබා දී ඇති අතර, පාසල් 6,000කට අධික සංඛ්‍යාවකට අන්තර්ජාල පහසුකම් ද සලසා දී ඇත.

පාසල් සිසුන්ට සුභම සුභ ආරංචියක් - ලබන මාසයේ සිට මිල අඩු කිරීමට තීරණයක්

පාසල් සිසුන්ට සුභම සුභ ආරංචියක් - ලබන මාසයේ සිට මිල අඩු කිරීමට තීරණයක්

රජය විසින් රාජ්‍ය සේවය "අගය අඩු කර" (devalued) ඇති බවට විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ, විපක්ෂ නායකවරයාගේ පාලන කාලය තුළ රාජ්‍ය අංශයේ පත්වීම් සිදු කිරීමේදී අනුගමනය කළ නිර්ණායක පිළිබඳව මහජනතාව හොඳින් දන්නා බවයි.

"අපි දේශපාලන නිර්දේශ මත පදනම්ව කිසිදු පත්වීමක් ලබා දී නැහැ. රාජ්‍ය අංශයේ සියලුම පත්වීම් සිදු කර ඇත්තේ දැඩි ලෙස සුදුසුකම් මත පදනම්ව සහ තරඟ විභාග හරහායි." "රාජ්‍ය සේවකයින් ඔවුන්ගේ අධ්‍යාපනික සුදුසුකම් මත පදනම්ව පත් කරනු ලැබුවහොත් පමණයි, ඔවුන්ට ගෞරවාන්විතව සහ ස්වාධීනව තම රාජකාරි ඉටු කිරීමට හැකි වන්නේ," යැයි ඇය ප්‍රකාශ කළාය.

ලංකාවේ වැඩිහිටියන්ට වැළදෙන දරුණු රෝගයක් - අවුරුදු 18ට වැඩි වැඩිහිටි ජනගහනයෙන් 23% ක් රෝගයට ගොඳුරු වෙලා

ලංකාවේ වැඩිහිටියන්ට වැළදෙන දරුණු රෝගයක් - අවුරුදු 18ට වැඩි වැඩිහිටි ජනගහනයෙන් 23% ක් රෝගයට ගොඳුරු වෙලා

රාජ්‍ය සේවයට පුද්ගලයින් 40000ක් අලුතින් බඳවාගැනීම් - පාසල් සඳහා