කටවහන් ඉන්න කියන්නකෝ බිමල් රත්නායකට... මෙයා මුළු පාර්ලිමේන්තුවටම අගෞරවයක්... ඉතිහාසයේම මෙයා තරම් පාර්ලිමේන්තුවේ නමයි කාලයයි කැත කරපු කෙනෙක් නෑ - බිමල් අර්චුනා උණුසුම් වචන හුවමාරුවක්
අද දින (14) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් ඔහුගේ කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තේය.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් ආණ්ඩුව ඊශ්‍රාලයෙන් හදිසියේම කිසිම මිල ගණන් කැඳවීමකින් තොරව මිනිසුන් රහිත ගුවන් යානා (unmanned aerial vehicle) මිලදී ගැනීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කළේය.
හදිසියේම මෙම මිලදී ගැනීම පරිපූරක ඇස්තමේන්තුවට ඇතුළත් කරන මෙන් හර්ෂද සිල්වා වෙත පැවසූ බවත් මීට හේතුව ඇමරිකාවට හා ඊශ්‍රායලයට, ඉරානයට විරුද්ධව ඔත්තු බැලීමට බව චෝදනා එල්ල කළේය.
රාජ්‍ය සේවයට පුද්ගලයින් 40000ක් අලුතින් බඳවාගැනීම් - පාසල් සඳහා 'ස්මාර්ට් බෝඩ්' හා අන්තර්ජාල පහසුකම්
එම අවස්ථාවේදී සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් යම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමත් ඊට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාතන් මහතා පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් මතුවිය.
එහිදී අර්චුනා මන්ත්‍රීවරයා පැවසුවේ, " 92 ඊ හි තවත් සාමාජිකයකු කතා කරන අවස්ථාවේදී නිශ්ශබ්දව සිටින ලෙස තියෙන්නේ.. මේ කටවහන් ඉන්න කියන්නකෝ බිමල් රත්නායකට කෑ ගහන්නේ" ලෙසයි.
ඔහුගේ නම සඳහන් කිරීමත් සමඟ නැගී සිටි අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ," මම කියන්න කැමතියි මේ කතා කරපු පුද්ගලයා තරම් පාර්ලිමේන්තුවේ නමයි කාලයයි කැත කරපු තවත් මන්ත්‍රීවරයෙක් මේ පාර්ලිමේන්තු ඉතිහාසයේම නෑ.. ඒ නිසා මුළු පාර්ලිමේන්තුවටම අගෞරවයක් මෙයා..." ලෙසයි.