තත්ත්වය උග්‍ර අතට - කොළඹ අධි අවදානම් දිස්ත්‍රික්කයක් ලෙස නම් කරයි - ජුනි 15 සිට සියලු ආයතන, පාසල් සහ නිවාසවල පරික්ෂාවක්

Report

කොළඹ දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටුව මඟින් කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට ඩෙංගු රෝග ව්‍යාප්තියේ දැඩි අවදානමක් මතුව ඇති බැවින්, එය පාලනය කිරීමේ අරමුණින් ජුනි මස 15 වන දින සිට 21 වන දින තෙක් විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (12) දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කොළඹ දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටුව රැස්වූ අතර එහිදී මේ බව තීරණය කර තිබෙනවා.

එමෙන්ම ගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තා වීම සැලකිය යුතු ආකාරයට ඉහළ ගොස් ඇති අතර ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වාර්තා අනුව, මේ වන විට දිවයින පුරා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් 39,100ක් පමණ වේ.

අගෝස්තු මාසේ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අර්බුදයක් - ලොක්කෙක්ගෙන් බල කරලා සටහනක්

අගෝස්තු මාසේ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අර්බුදයක් - ලොක්කෙක්ගෙන් බල කරලා සටහනක්

එසේම එම සංඛ්‍යාවෙන් 25.8%ක්ම වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව සඳහන්.

ඒ අනුව මෙම තත්ත්වය මත කොළඹ දිස්ත්‍රික්කය ‘අධි අවදානම්’ දිස්ත්‍රික්කයක් වශයෙන් නම් කර ඇත.

එසේම රෝග ව්‍යාප්තිය ඉහළ යාමට, වෛරසයේ ස්වභාවය මෙන්ම, ඊට එරෙහිව ජනතාව තුළ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රමාණවත් පරිදි වර්ධනය වීමට කාලයක් නොලැබීම බලපා ඇති බවද මෙහිදී අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ පැවැති අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය නැවත වරක් උග්‍ර වී ඇති බවයි. ඊට අමතරව මෙවර ඩෙංගු ව්‍යාප්තිය, නිවාසවලට වඩා වැඩි වශයෙන් රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පාසල් සහ ආගමික ස්ථාන වැනි පොදු ස්ථානවලින් වාර්තා වන බව ද හඳුනාගෙන ඇත.

එල් - නිනෝ ඇරඹෙයි - ලංකාවට වෙන්න යන විනාසය ගැනත් දිවයිනටම දැනුම්දෙයි - ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වෙන්නේ මේකයි

එල් - නිනෝ ඇරඹෙයි - ලංකාවට වෙන්න යන විනාසය ගැනත් දිවයිනටම දැනුම්දෙයි - ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වෙන්නේ මේකයි

ඒ අනුව කාර්යාල සහ පොදු ස්ථානවල ඉවත් කරන ඝන අපද්‍රව්‍ය සහ කානු පද්ධති ඔස්සේ මදුරුවන් බෝවීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන බව නිරීක්ෂණවලදී සොයාගෙන ඇති බව වාර්තා වේ.

එබැවින් ජුනි 15 සිට 21 දක්වා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන සතිය තුළ රාජ්‍ය, පෞද්ගලික ආයතන, පාසල් සහ නිවාස ඇතුළු පරිසරය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කිරීම, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අධි අවදානම් නිවාස පරීක්ෂාවට ලක් කිරීම සහ දැනුවත් කිරීමෙන් පසුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, අත්පත්‍රිකා බෙදාහැරීම, බැනර් ප්‍රදර්ශනය සහ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීම ආදී ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

එමෙන්ම පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහන් වෙනුවෙන් 10 ශ්‍රේණියට පහළ සිසුන් යොදා නොගැනීම සහ ශිෂ්‍යයෙකුට රෝගය වැළඳී ඇත්නම් වහාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත දැනුම් දෙන ලෙසද සෞඛ්‍ය අංශ පාසල් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

මේ නිලධාරීන්ගේ දිමනාත් දෙවරක් බැංකු ගතවෙලා - මුදල කිසිසේත්ම ලබා නොගන්නයි දැනුම්දීමක්

මේ නිලධාරීන්ගේ දිමනාත් දෙවරක් බැංකු ගතවෙලා - මුදල කිසිසේත්ම ලබා නොගන්නයි දැනුම්දීමක්

එසේම මෙම වැඩසටහනට දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, සර්ව ආගමික නායකයින්, රාජ්‍ය නිලධාරීන්, පළාත් පාලන ආයතන, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම පොදු මහජනතාවගේ විශේෂ දායකත්වයක් අපේක්ෂා කරයි.

මෙම අවස්ථාවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්, ලේකම්වරුන්, පොලිස් නිලධාරීන් සහ අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරන නිලධාරීන් ඇතුළු පිරිසක් එක් විය.

අටමස්ථානයම කැළඹෙන නියෝගයක් - DNA පරීක්ෂණයකට රුධිර සාම්පල දෙන්න පල්ලේගම හේමරතන හිමිට නියෝග

අටමස්ථානයම කැළඹෙන නියෝගයක් - DNA පරීක්ෂණයකට රුධිර සාම්පල දෙන්න පල්ලේගම හේමරතන හිමිට නියෝග