මේ මාසෙන් ඉන්ධන සහනාධාරය අවසන්.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තෙල් ගැන රටම බය වෙන විදිහේ අනාවරණයක්
ඉන්ධන සහනාධාරය ලබා දීමට රජය වෙන් කරන ලද ප්‍රතිපාදන ජුනි මාසයෙන් අවසන් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා හෙළි කර ඇති බව සඳහන්.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් රජයේ මුදල් කාරක සභාව හමුවේ පෙනී සිටිමින් ඔහු මේ බව පවසා ඇත.
ඒ අනුව සභාපතිවරයා ප්‍රකාශ කළ පරිදි, අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයකට රුපියල් 100 ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20 ක සහනාධාරයක් රජය මඟින් ලබා දෙයි.
ඒ සඳහා අප්‍රේල් මාසය සඳහා පමණක් රුපියල් බිලියන 15.3 ක මුදලක් වැය වී ඇති බවත්, මුළු සහනාධාර මුදල රුපියල් බිලියන 20 ක් පමණ වන බවත් එහිදී හෙළි විය.
කෙසේ වුවද වත්මන් ප්‍රවණතාව අනුව ජුනි මාසය අවසන් වන විට මෙම සහනාධාර මුදල් අවසන් වනු ඇති බවත්, ජුනි මාසයෙන් පසු සහනාධාරය දිගටම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් සභාපතිවරයා එහිදී අවධාරණය කර ඇත.
ඔහු පෙන්වා දී ඇත්තේ රජය රුපියල් 100 ක සහනාධාරයක් ලබා දුන්නද, අප්‍රේල් මාසයේ දත්ත අනුව ඩීසල් ලීටරයකින් සංස්ථාවට සිදුවන සම්පූර්ණ අලාභය රුපියල් 129 ක් බවයි.
එමෙන්ම රජයේ සහනාධාරයෙන් පසුවද සංස්ථාව තවමත් ඩීසල් ලීටරයකින් රුපියල් 29 ක අලාභයක් විඳින බව සභාපතිවරයා පවසා තිබෙනවා. එමෙන්ම මෙහිදී ඉන්ධන මිලදී ගැනීමට විදේශ විනිමය සොයා ගැනීමේදී මතු වූ ගැටලු පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
විශේෂයෙන් වෙළඳපොළේ ඩොලර් හිඟ වූ අවස්ථාවලදී මහ බැංකුවේ මැදිහත්වීමෙන් ඩොලරය රුපියල් 350 ට නොවැඩි මට්ටමකින් ලබා ගැනීමට කටයුතු කළ බව සභාපතිවරයා සඳහන් කර ඇත.
එල් - නිනෝ ඇරඹෙයි - ලංකාවට වෙන්න යන විනාසය ගැනත් දිවයිනටම දැනුම්දෙයි - ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වෙන්නේ මේකයි
ඊට අමතරව මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ සංස්ථාව මඟින් සැලසුමකින් තොරව වරකට ඩොලර් මිලියන 50 ක් වැනි විශාල මුදලක් වෙළඳපොළෙන් ලබා ගැනීමට උත්සාහ කිරීම නිසා විනිමය අනුපාතය ඉහළ යන බවයි.
එසේම ඩොලර් මිල ඉහළ යාම හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් සමස්ත ජනතාවම පීඩාවට පත්වන බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.
ඒ අනුව දැනට පවතින සැලසුම අනුව දිනකට ඩොලර් මිලියන 11 බැගින් බැංකු ඔස්සේ ලබා ගැනීමට කටයුතු කරන බවට සංස්ථා සභාපතිවරයා මෙහිදී පවසා ඇත.