රඹුක්කන දුම්රිය පීලිපැනීමක් - දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්
By Malith Madushan
රඹුක්කන ප්‍රදේශයේ දුම්රියක් පීලිපැනීමකට ලක්වෙයි - දුම්රිය දෙපාර්තමේන්තුව රඹුක්කන ප්‍රදේශයේදී දුම්රියක් පීලිපැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේ, රඹුක්කන සිට පානදුර දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බවයි. කෙසේ වෙතත්, මෙම සිදුවීම හේතුවෙන් කිසිදු දුම්රිය ප්‍රමාදයක් සිදුව නොමැති බවද ඔහු පැවසීය.
පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.