හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානය සහ ඇමරිකාව සූදානම් වෙයි

Report

ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින ගැටුම් අවසන් කිරීම සඳහා වන එකඟතාව අවසන් අදියරට පැමිණ ඇති අතර, එහි කොටසක් ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි ප්‍රකාශ කර තිබේ.

රාජ්‍ය රූපවාහිනියට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඉරානයට එරෙහිව පනවා ඇති අමෙරිකානු ආර්ථික අවහිර කිරීම් ඉවත් කිරීමද මෙම ගිවිසුමට ඇතුළත් වන බවයි.

එමෙන්ම, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ සාකච්ඡා පසුව ආරම්භ කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

ට්‍රම්ප්ගේ 'සාම ගිවිසුම' ඉරානය කුඩුපට්ටම් කරයි - "අපි රතු රේඛා පාවා දෙන්නේ නෑ" - ඉරානයෙන් තද ප්‍රකාශයක්

ට්‍රම්ප්ගේ 'සාම ගිවිසුම' ඉරානය කුඩුපට්ටම් කරයි - "අපි රතු රේඛා පාවා දෙන්නේ නෑ" - ඉරානයෙන් තද ප්‍රකාශයක්

කෙසේ වෙතත්, ගිවිසුමේ ඇතැම් කරුණු අමෙරිකානු නිලධාරීන් විසින් තහවුරු කර ඇති අතර, ඉරානයට ලබාදෙන ආර්ථික සහන එරට ගිවිසුම්ගත වගකීම් ඉටු කිරීම මත රඳා පවතින බව ඔවුන් පෙන්වා දී ඇත. මෙම ගැටුම ආරම්භ වූයේ මේ වසරේ පෙබරවාරි 28 වනදා ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟය.

ඊට ප්‍රතිචාර ලෙස ඉරානය ඊශ්‍රායලයට මෙන්ම ගල්ෆ් කලාපයේ අමෙරිකානු මිත්‍ර රටවලටද ප්‍රහාර එල්ල කළේය.

ඒ සමඟම ලෝකයේ තෙල් සහ ද්‍රව ස්වාභාවික වායු ප්‍රවාහනය සඳහා අතිශය වැදගත් මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධියද වසා දැමුණි.

ඉරාන - ඇමරිකා යුද්ධය නතර වෙයි - ට්‍රම්ප්ගෙන් ලෝකයටම හදිසි නිවේදනයක්

ඉරාන - ඇමරිකා යුද්ධය නතර වෙයි - ට්‍රම්ප්ගෙන් ලෝකයටම හදිසි නිවේදනයක්

අප්‍රේල් මාසයේදී සටන් විරාමයකට එකඟතාවක් ඇති වුවද, ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර වරින් වර ප්‍රහාර සහ වෙඩි හුවමාරු සිදුවී තිබේ.

මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ සාකච්ඡාකරුවන් “ඉතා හොඳ විසඳුමක්” වෙත ළඟා වී ඇති බැවින් ඉරානයට එරෙහිව සැලසුම් කර තිබූ ප්‍රහාර අවලංගු කළ බවයි.

ගිවිසුම ඉක්මනින් අත්සන් කිරීමට හැකි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

එහෙත්, ඊයේ (12) ඉරාන මාධ්‍ය වාර්තා කළ ගිවිසුමේ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, එම තොරතුරු එකඟ වූ කොන්දේසි හෝ සත්‍ය තත්ත්වය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

ලොව පළමු ට්‍රිලියනපතියා ලෙස එලොන් මස්ක් ඉතිහාසගත වෙයි

ලොව පළමු ට්‍රිලියනපතියා ලෙස එලොන් මස්ක් ඉතිහාසගත වෙයි