පෙරපාසල් දැරියකට ලිංගික අතවර කළ 65 හැවිරිදි මාදම්පේ ව්‍යාපාරිකයා පොලිස් දැලට

Report

 වයස අවුරුදු 05ක් වන පෙර පාසල් වයසේ කුඩා දැරියකට ලිංගික අතවර කළ බව පැවසෙන 65 හැවිරිදි ව්‍යාපාරිකයෙකුව අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය සදහන් කර තිබේ .

මෙලෙස පොලීසිය විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාදම්පේ, කරුකුවටව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අතවරයට පත්ව ඇති දැරිය බිස්කට් මිලදී ගැනීම සඳහා සැකකරු විසින් පවත්වා ගෙන යනු ලබන වෙළෙඳසැල වෙත ගොස් ඇති අතර, එම අවස්ථාවේ දී දැරියව වෙළෙඳසැල තුළට ගෙන අදාළ සැකකරු මෙම අතවරය සිදුකර ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ශ්‍රී ලංකාව තුළ TIN අංකය ගැන දැනුම්දීමක් - මහජනතාවට විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාව තුළ TIN අංකය ගැන දැනුම්දීමක් - මහජනතාවට විශේෂ නිවේදනයක්

දැරියගේ මව විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබේ අතවරයට පත් දැරිය මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබේ .

අත්අඩංගුවට ගත් සැකකරු හලාවත මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය