නැවත දැනුම්දෙන තුරු දිවයිනේ නාවික සහ ධීවර ප්‍රජාවන්ට නිවේදනයක් - හෙට 9 වන තුරු වලංගුයි

Report

කාලගුණ විද්‍යා දෙපාර්‌තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2026 ජුලි මස 31 වන දින පෙ.ව. 09.00 වන තෙක් වලංගු වන පරිදි අද(30) දින පෙ.ව. 09.00 ට නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බවයි.

එබැවින්, එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දෙයි.

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

එසේම ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව සඳහන්.

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා ‌පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්‌තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

මේ දිනවල මත්පැන් හා පැණිබීම බොන අයට මාරාන්තික අනතුරු ඇඟවීමක් - සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් ඇඟ හිරි වැටෙන දැනුම්දීමක්

මේ දිනවල මත්පැන් හා පැණිබීම බොන අයට මාරාන්තික අනතුරු ඇඟවීමක් - සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් ඇඟ හිරි වැටෙන දැනුම්දීමක්

අද සිට අගෝස්තු 3 දක්වා එල් - නිනෝ නිසා ලංකාවට වෙන්න යන දේ - සූදානමින් සිටින්නැයි දිවයිනටම රතු එළි

අද සිට අගෝස්තු 3 දක්වා එල් - නිනෝ නිසා ලංකාවට වෙන්න යන දේ - සූදානමින් සිටින්නැයි දිවයිනටම රතු එළි

තවත් වෛරසයකින් මුළු ලෝකෙම වෙලා ගනියි - අසාතිදයන් 3,360 දක්වා ඉහළ යද්දී මරණ 1,487ක්

තවත් වෛරසයකින් මුළු ලෝකෙම වෙලා ගනියි - අසාතිදයන් 3,360 දක්වා ඉහළ යද්දී මරණ 1,487ක්

Gallery