මහ පොළොව කැළඹෙයි - ප්‍රබල භූමිකම්පාවක්
බටහිර චීනයේ ගන්ෂු පළාතේ පිහිටි ටෙවෝ ප්‍රදේශය ආසන්නයේ අද දින රික්ටර් මාපකයේ ඒකක 5.5 ක ප්‍රබලතාවයෙන් යුත් භූමිකම්පාවක් සිදු වූ බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය (CENC) වාර්තා කරයි.
ඒ අනුව එම මධ්‍යස්ථානය මුලින් මෙහි ප්‍රබලතාව ඒකක 5.2 ක් වශයෙන් ඇස්තමේන්තු කර තිබුණද, අනතුරුව එය ඒකක 5.5 තෙක් ඉහළ නංවා ඇත.
මෙම භූමිකම්පාව එරට වේලාවෙන් පස්වරු 2:56 ට පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10 ක් (සැතපුම් 6.2 ක්) ගැඹුරින් සිදුවූ බව CENC ආයතනය වැඩිදුරටත් පවසයි.
එමෙන්ම ගන්ෂු පළාත චින්හායි-ටිබෙට් සානුවේ උතුරු මායිමේ පිහිටා ඇති බැවින් එය නිතර භූමිකම්පා සිදුවන ප්‍රදේශයක් බව ද සඳහන්.
මින් පෙර 2023 වසරේදී ගන්ෂු සහ අසල්වැසි චින්හායි පළාතේ රික්ටර් මාපකයේ ඒකක 6.2 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇත.
එය 2014 වසරෙන් පසු වාර්තා වූ බරපතළම භූමිකම්පාව වූ අතර ඉන් පුද්ගලයන් 150 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.