බිහිසුණු අනතුරක් - අට දෙනෙක් ඉන්නකොටම ජෙට් යානයක් ගිනිගෙන විනාශ වෙයි
අමෙරිකාවේ මේන් ප්‍රාන්තයේ බැන්ගෝර් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් (Bangor Inteational Airport) ගුවන්ගත වීමට උත්සාහ කළ පුද්ගලික ජෙට් යානයක් අනතුරට පත්ව ගිනිගෙන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ පුද්ගලයන් අට දෙනෙකු සිට ඇති බව තහවුරු වී ඇත.
මෙම අනතුර ඊයේ පස්වරු 7:45 ට පමණ සිදුවී ඇත. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ Bombardier Challenger 600 වර්ගයට අයත් එන්ජින් දෙකේ ටර්බෝ-ෆෑන් ජෙට් යානයක්.
ටෙක්සාස් ප්‍රාන්තයේ සිට පැමිණි මෙම යානය බැන්ගෝර් ගුවන්තොටුපළෙන් පිටත්වීමට සූදානම් වූ විටදී මෙසේ අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.
එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයට මෘදු හිම පතනයක් (Light snow) පැවති බවද කාලගුණ වාර්තා පවසයි.
එමෙන්ම බැන්ගෝර් ඇතුළු මේන් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට ශීත ඍතු කුණාටු අනතුරු ඇඟවීම් (Winter storm waing) මේ වන විටත් නිකුත් කර ඇත.
මෙම අනතුරත් සමඟ යානය දැවැන්ත ගින්නකට හසුවී ඇති අතර, යානයේ සිටි පුද්ගලයන්ගේ අනන්‍යතාවය හෝ ඔවුන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැත.
අඳාළ ගුවන් යානයේ ලියාපදිංචි අයිතිකරු හූස්ටන්හි පිහිටි පෞද්ගලික ආයතනයක් වන අතර එය 'Aold & Itkin' නමැති නීතිමය ආයතනයක් හා සම්බන්ධ බව වාර්තා වේ.
එසේම මෙම යානය 2020 වසරේ සිට සේවයට යොදවා තිබූ අලුත්ම මාදිලියේ යානයක් බව ද වාර්තා වේ.
මේ අතර අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) සහ ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය (NTSB) එක්ව අනතුරට හේතුව සෙවීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.