ඇගිලි සළකුණු යන්ත්‍රයේ එන වෙලාවයි යන වෙලාවයි දාන්න බෑ කියලා ආයෙත් වර්ජනයක්

Strike Sri Lanka Latest Headlines Postal Strike Sri lanka Post Sinhala news
By Kaushi Aug 16, 2025 07:53 AM GMT
Kaushi

Kaushi

Report

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ මඟින් හෙට (17) දින පස්වරු 4.00 සිට සේවයෙන් ඉවත්වී වර්ජන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.

ඔවුන් මෙම වර්ජන ක්‍රියාවලිය ආරම්භ කිරීමට කටයුතු කර ඇත්තේ තැපැල් නිලධාරීන්ගේ අතිකාල ගෙවීම්, පාලන කාර්යාල හා ගිණුම් කාර්යාලවල නිලධාරීන් ඇගිලි සළකුණු යන්ත්‍රයේ පැමිණිමේ හා පිටවීම සටහන් කළ යුතු බවට ලබා දී ඇති උපදෙස්වලට විරෝධය පළ කිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 19ක් ඉදිරිපත් කරමින්.

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

එබැවින් හෙට පස්වරු 4.00ට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් මෙම වර්ජය ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

එසේම ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කර ඇත්තේ මධ්‍යම රාත්‍රී 12.00 සිට රට පුරා පිහිටි තැපැල් හා පාලන කාර්යාලවල අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

එවැනි පසුබිමක තැපැල්පති රුවන් සත්කුමාර මහතා විසින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට තැපැල් කාර්යාලයට අයත් උප තැපැල් කාර්යාල 3,354ක උප තැපැල් ස්ථානාධිපතිවරු සහභාගී නොවන බව ප්‍රකාශ කරයි.

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

එම කාර්යාලවල සාමාන්‍ය ආකාරයට රාජකාරි කටයුතු සිදුවන නිසා මහජනතාවට එමගින් සේවාවන් ලබා ගත හැකි බව පවසයි.

එසේම තැපැල්පති රුවන් සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණෙන් සිදුකරනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ග නිසා තැපැල් භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු ප්‍රමාදයට ලක්විය හැකි බව දක්වා ඇත.

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි