පානීය ජලයේ තත්ත්වය පරික්ෂා කර බැලීමට පියවර...

Gampaha Parliament of Sri Lanka Sri Lanka Water
By Parami Dissanayake Jul 28, 2024 05:57 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය ඉතා පිරිසිදු තත්වයේ ජලය ලීටරයක් ලබා දෙන්නේ, සත දොළහකට ය.

නමුත් රටේ ලක්ෂ පහකට ආසන්න පිරිසක් ලීටරය 150 ට බෝතල් වතුර පානය කිරීම හේතුවෙන් එම ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් ඇතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම ගේ ප්‍රධානත්වයෙන් යුතු පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ දී තොරතුරු අනාවරණය විය.

ඉරානයේ නව වෙනසක්...

ඉරානයේ නව වෙනසක්...

ඒ අනුව,ජාල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා කමිටුව හමුවේ පැවසුවේ, ජාතික ජල සම්පාදන මණ්ඩලය ජනතාවට නිකුත් කරන ජලය ඉතා පිරිසුදු සහ සෞඛ්‍යාරක්ෂිත බවට සහතිකයක් දෙන බවය.

මේ අනුව, කමිටුව පෙන්වා දී ඇත්තේ, ජල සම්පාදන මණ්ඩලය නිකුත් කරන ජලය පාවිච්චි කිරීමට පෙළඹීමෙන් බෝතල් ජලය සඳහා වැය වන විශාල මුදල ජනතාවට ඉතිරි කරගත හැකි බවය. තව ද, රට පුරා හෝටල් හා ආපනශාලාවල ජලයේ තත්වය මුදල් අය කර පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද කමිටුව පවසයි.

ReeCha