පද්මේ ඇතුළු පාතාල කල්ලිය අතේ තිබී දුරකථන 28 ක් මාට්ටු - මෙන්න විස්තරේ

Report

මේ වන විට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් වලට ලක් කරන කෙහෙල් බද්දර පද්මේ ඇතුළු පිරිසගෙන් විශේෂිත වූ කරුණු රැසක් අනාවරණය කරගෙන තිබේ.

ඒවගේම පද්මේ ඇතුළු පාතාල කල්ලි සතුව තිබුණා යැයි කියන ජංගම දුරකථන විසි අටක් ඉන්දුනීසියානු පොලිසියෙන් ශ්‍රී ලංකා පොලිසියට බාර දී ඇති බවට වාර්තා වේ.

"අදින් පස්සේ නිදහස් කොල්ලෙක් තමයි"- උසාවියෙන් යන ගමන් හරක් කටා කිව්ව දේ

"අදින් පස්සේ නිදහස් කොල්ලෙක් තමයි"- උසාවියෙන් යන ගමන් හරක් කටා කිව්ව දේ

ඒ අනුව එම දුරකථන භාවිතා කර සිදු කෙරූ දුරකථන ඇමතුම් පිළිබඳව මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවට සඳහන්වේ.

යලිත් රන් මිල අහස උසට නව මිල මෙන්න

යලිත් රන් මිල අහස උසට නව මිල මෙන්න

මීට අමතරව මෙම සැකකරුවන් මෙරට දේශපාලඥයන් සමග ගනුදෙනු සිදුකර තිබේද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුවෙමින් පවතින අතර සැකකරුවන් අනිසියාකාරයෙන් උපයා ලබාගත් දේපළ සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කිරීමට නියමිතය.

ලෙඩ ඇඳෙන් නැගිට්ට රනිල්ගෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක්

ලෙඩ ඇඳෙන් නැගිට්ට රනිල්ගෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක්

එමෙන්ම පසුගියදා ගනේ මුල්ල සංජීවගේ ඝාතනය සිදු කිරීමට උදව් උපකාර කළ බවට චෝදනා එල්ල වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය අපරාදේ සිදු වී ටික දිනකට පසු ඩුබායි රාජ්‍ය වෙත පැනගිය බවටද ඔවුන්ගෙන් තොරතුරු හෙළි වී තිබේ