දක්ෂිණ අධිවේගයේදී බස් රථයක බිහිසුණු ගින්නක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මගී ප්‍රවාහන බස් රථයක් අද (01) දින උදෑසන හදිසියේ ගිනිගැනීමකට ලක්ව ඇත.
ඒ අනුව මෙසේ ගිනිගෙන තිබුණේ ගාල්ල සිට කඩුවෙල බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් බව සඳහන්.
එසේම බස් රථයේ ඇතිවූ කාර්මික දෝශයක් නිසා කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේදී එහි ගින්නක් හටගෙන තිබුණා.
ගින්න හටගැනීමට පෙර අදාළ බස් රථ රියදුරු සහ කොන්දොස්තර මහතා එක්ව මඟින් සියලුදෙනා රථයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
මෙසේ බස් රථය ගිනිගැනීමට ලක්වන අවස්ථාවේදී බස් රථයේ මගීන් 41 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බව සඳහන්.