ප්‍රසිද්ධ ගායකයෙක් පුපුරණ ද්‍රව්‍ය තොගයක් එක්කම අත්අඩංගුවට
රැප් ගායකයෙකු වන මාධව ප්‍රසාද්, නොහොත් ‘මදුවා’යළිත් වරක් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ කහතුඩුව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ මීට දින කිහිපයකට පෙර ව්‍යාජ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුවයි.
පොලිසියට ලැබුණු රහස් තොරතුරක් මත, පිටිපන ගල්හේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පිටුපස වළ දමා තිබූ ජෙලට් නයිට් කූරු 3ක්, ඩෙටනේටර් 5ක් සහ ඇමෝනියා නයිට්‍රේට් කිලෝග්‍රෑම් 3.5ක් සොයා ගැනීමට හැකි වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහ මහතාට ලැබුණු තොරතුරක් මත ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා.
26 හැවිරිදි මෙම රැප් ගායකයා අඳාළ පුපුරණ ද්‍රව්‍ය තොගය තමාට ලබා දුන්නේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පොලිස් කොස්තාපල්වරයෙකු බවට හෙළි කර ඇත.
එසේම අඳාළ කොස්තාපල්වරයා මීට මාස කිහිපයකට පෙර කොටවිල පොලිසියේ ගිනි අවියක් සොරකම් කිරීමකට මන්නාරම විශේෂ අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව හිටපු පොලිස් කොස්තාපල්වරයා මෙම පුපුරණ ද්‍රව්‍යවලින් කොටසක් තවත් රැප් ගායකයෙකුට ද ලබා දී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට ද විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.
ඒ අනුව අඳාළ සැකකරු පුපුරණ ද්‍රව්‍ය සමඟ කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.