ලබන වසරේ සිට නව වෙනසක් රජය සමඟ කරන සියලු ගෙවීම් online ක්‍රමයට
Anura Kumara Dissanayaka
Government Of Sri Lanka
Sinhala news
gagana news
By Mithu
එළඹෙන වසර වන විට ජනතාව සමග සිදු කරන සියලුම ගෙවීම් සහ ගනුදෙනු කටයුතු මාර්ගගත ක්‍රමය හෙවත් online ක්‍රමය ඔස්සේ සිදු කිරීමට රජය තීරණය කරයි.
ඒ අනුව එයට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වූ ඩිජිටල්කරණය මගින් මෙතෙක් කොළඹට සීමා වූ සියලු පරිපාලන කටයුතු ඈත පිටිසර ගම්මාන දක්වා විමධ්‍යගත කරමින් රජයෙන් ඉටු කර ගත යුතු කාර්ය ඉතා සමීපව ඉටු කර ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දෙන බවද ජනාධිපතිවරයා පවසයි.

උගන්ඩාවෙ සල්ලි ගේනවා කියපු නංගි හරි හොඳා අපිත් එක්ක ඔෆිස් ඉද්දි පස්සේ අනුර නිසා වෙනස් වුණා - සංජීව එදිරිමාන්න
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (01) එක් වෙමිනි.