බන්ධනාගාරගත රැඳවියන් 392කට අද රාජ්‍ය සමාව
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන් 392 දෙනෙකුට අද (12) විශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට පියවර ගෙන තිබේ.
මෙහිදී කාන්තා රැඳවියන් 04 දෙනෙකුට සහ පිරිමි රැඳවියන් 384 දෙනෙකුට නිදහස හිමිවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, වෙසක් පොහොය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන් හමුවීම සඳහා මැයි 12 සහ 13 යන දිනවලදී විශේෂ අවස්ථාවක් ලබාදෙන බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළේය.
එම දින දෙක තුළ පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා එම අවස්ථාව ලබාදෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.