ලෝකයටම සුභ ආරංචියක් !

By Hashan May 12, 2025 04:00 AM GMT
Report

අමෙරිකාව හා චීනය අතර පසුගිය 10 වනදා ආරම්භ වී තිබුණ ඉහළ මට්ටමේ වෙළෙඳ සාකච්ඡා ධනාත්මක ලෙස අවසන් වී තිබෙනවා.   

ස්විට්සර්ලන්තයේ දී මෙම සාකච්ඡා ආරම්භ කර බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.   

අමෙරිකාව නියෝජනය කරමින් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ ප්‍රධාන වෙළෙඳ සාකච්ඡා නියෝජිත ජාමිසන් ග්‍රියර් සහභාගි වී ඇත.  එසේම චීනය නියෝජනය කරමින් එරට ප්‍රධානම ආර්ථික උපදේශකයා ලෙස සැලකෙන හී-ලයිෆෙන්ද සහභාගී වී ඇත. 

ස්විට්සර්ලන්තයේ පැවති දින දෙකක සාකච්ඡා අවසන් කිරීමෙන් පසු දෙපාර්ශ්වයම තොරතුරු නිකුත් කර නොතිබුණ බව විදෙස් මාධ්‍ය පවස්සා සිටියා.   

කෙසේ වෙතත් චීන උප අගමැති හේ ලයිෆෙන්ග් පවසා සිටියේ සඳුදා (12) ජිනීවාහිදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන බවයි.   එමෙන්ම චීන උප වාණිජ අමාත්‍ය ලී චෙංගැං පවසා ඇත්තේ "ලෝකයට ශුභාරංචියක්" එහි අඩංගු වනු ඇති බවය.

ගැරඬි ඇල්ලේ බස් රථ අනතුරට හේතුව රියැදුරාගේ නොසැලකිල්ලද?

ගැරඬි ඇල්ලේ බස් රථ අනතුරට හේතුව රියැදුරාගේ නොසැලකිල්ලද?

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් චීන නිලධාරීන් පවසා ඇත්තේ දෙපාර්ශ්වයම "වැදගත් එකඟතාවයකට" පැමිණ ඇති බවත් තවත් නව ආර්ථික සංවාද ආරම්භ කිරීමට එකඟ වූ බවත්ය. 

එක්සත් ජනපද වෙළෙඳ හිඟය අඩු කිරීම සඳහා "ගනුදෙනුවක්" ගැන කතා කළ බව අමෙරිකානු නිලධාරීන් පවසා ඇත.   

කොයි ආකාරයකින් හෝ ලෝකයේ අංක එකේ සහ දෙවැනි තැන සිටින ආර්ථික බලවතුන් අතර වෙළෙඳ යුද්ධයේ උණුසුම තුරන්වීම ගෝලීය ආර්ථිකයට ද අස්වැසිල්ලක් බව සහතිකවම පැවසිය හැකි කරුණකි.

දිවයින පුරා දන්සැල් තියන තැන් ටික මෙන්න..

දිවයින පුරා දන්සැල් තියන තැන් ටික මෙන්න..