අත්‍යවශ්‍ය ආහාරයක අපනයනය කැපී පෙනෙන පහත වැටීමක්...

Indian Bangladesh Sri lankan sinhala news Exporters Export of onions
By Subodha Apr 19, 2022 08:28 AM GMT
Subodha

Subodha

Report

මෙරට මූල්‍ය අර්බුදය හේතුවෙන් ඉන්දියාවේ ළුෑණු අපනයනය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව එරට අපනයනකරුවන් පවසනවා.

ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් නමැති ඉන්දීය ව්‍යාපාරික පුවත්පත පෙන්වා දෙන පරිදි සතියකට ටොන් 5000ක් පමණ වන ළුෑණු අපනයනය දැන් සටහන් වන්නේ ටොන් 1500ක් ලෙසයි.

එමෙන්ම පසුගිය දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට සිදු කරන ලද ළුෑණු අපනයනයන්ට අදාළ ගෙවීම් මෙතෙක් නොලැබී ඇති බවද ඉන්දීය අපනයනකරුවන් පෙන්වා දෙන කරුණක්.

බංග්ලාදේශයේ දේශීය ළුෑණු වගාව දිරි ගැන්වීම ද මෙලෙස ඉන්දියාවේ ළුෑණු අපනයනය පහත වැටීමට තවත් හේතුවක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now