මගීන් 275ක් සමග අඩි 33000ක් ඉහළ අහසේ දී ශ්‍රී ලංකන් ගුවන් යානයට සිදුවීමට ගිය අනතුර පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක්..

SriLankan Airlines Sri Lanka
By krishani Jun 15, 2022 08:06 AM GMT
krishani

krishani

Report

මාධ්‍ය වාර්තාවල සදහන් වන පරිදි ගුවනේ දී ශ්‍රී ලංකන් ගුවන් යානයක් වෙනත් යානයක හා ගැටීමේ අවදානමක් කිසිලෙසකින් මතු නොවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

එම මාධ්‍ය නිවේදනයේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවය දක්වන්නේ,

"ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට ගුවනේ දී UL 504 ගුවන් යානය තවත් ගුවන් යානයක ගැටීමේ අවදානමක් කිසි ලෙසකින්වත් මතු නොවූ බව ද අවධාරණය කරනු කැමැත්තෙමු." යනුවෙන් ය.

එලෙස ම, අදාළ UL 504 දරන ගුවන් යානයේ නියමුවන් කිසිදු උපද්‍රවයකින් තොරව එම ගුවන් යානය හැසිරවීමට සමත් වූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය මාධ්‍ය නිවේදනය හරහා සදහන් කරන අතර, යානය තුළ සිටි මගීන්, කාර්ය මණ්ඩලය මෙන් ම වටිනා උපකරණ ද ආරක්ෂා කරගනිමින්, අදාළ අනතුර වළක්වා ගැනීමට සමත් වූ UL 504 හි ගුවන් නියමුවන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ප්‍රශංසාව ද මාධ්‍ය නිවේදනය ඔස්සේ පළ කර සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha