ශ්‍රී ලංකාවට කඩුළු 07 ක විශිෂ්ට ජයක්

Sri Lanka Cricket Bangladesh Cricket Team Latest Headlines Sinhala news gagana news
By Shehan Jul 10, 2025 04:53 PM GMT
Shehan

Shehan

Report

ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් July 10, 2025 10:09 pm කුසල් මෙන්ඩිස් හා පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී අද (10) අවසන් වූ මෙම තරගයේ බංග්ලාදේශ කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 155ක ඉලක්කය තරගයේ 19වන පන්දුවාරයේදී පසුකර යෑමට ශ්‍රී ලංකාවට හැකිවිය.

O/L ප්‍රතිඵල අද රෑ – සියල්ල සූදානම්ද?

O/L ප්‍රතිඵල අද රෑ – සියල්ල සූදානම්ද?

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ කුසල් මෙන්ඩිස් සිය ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් දිවියේ 16වන අර්ධ ශතකය රැස්කරමින් ලකුණු 73ක් රැස්කිරීමට සමත් විය. පන්දු 51කට මුහුණදෙමින් කුසල් ගොඩනැගූ ඉනිමෙහි හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් ඇතුළත් විය.

කුසල් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රහාරාත්මක ආරම්භයක් රැගෙන ආ පැතුම් නිස්සංක පළමු කඩුල්ලට ලකුණු 78ක සබඳතාවක් පැවැත්වූහ.

ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා මුහුණදුන්නේ පන්දු 28කට පමණක් වීම විශේෂත්වයක්. ලකුණු 42ක් රැස්කරගෙන සිටි පැතුම් දැවීයාමත් සමග එම සබඳතාව බිඳවැටුණි. ඒ වනවිට පන්දු 16කට පමණක් මුහුණ දී සිටි පැතුම්ගේ ඉනිමේ හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් ඇතුළත්ව තිබුණි.

කෙහෙල්බද්දර පද්මේ සගයන් සමඟම මැලේසියාවේ කොටු වුණ හැටි මෙන්න

කෙහෙල්බද්දර පද්මේ සගයන් සමඟම මැලේසියාවේ කොටු වුණ හැටි මෙන්න

ශ්‍රී ලංකා ඉනිමේ බිඳවැටුණු දෙවන කඩුල්ල වූ කුසල් ජනිත් ලකුණු 24ක් රැස්කළේය. මෙන්ඩිස් සමගින් ලකුණු 42ක සබඳතාවක් පැවැත් වූ ඔහු මුලු 120දී දැවී ගියේය. මෙම ජයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

සාරා ජස්මින් මැරිලා නෑ පෙන්නපු DNA වාර්තා බොරු, මහජන ආරක්ෂක ඇමතිගෙන් හෙළිදරව්වක්

සාරා ජස්මින් මැරිලා නෑ පෙන්නපු DNA වාර්තා බොරු, මහජන ආරක්ෂක ඇමතිගෙන් හෙළිදරව්වක්


GalleryGalleryGalleryGallery
ReeCha