කෙහෙල්බද්දර පද්මේ සගයන් සමඟම මැලේසියාවේ කොටු වුණ හැටි මෙන්න [PHOTOS]

Crime Law and Order Latest Headlines Ganemulle sanjeewa Sinhala news
By Shehan Jul 10, 2025 03:11 PM GMT
Shehan

Shehan

Report

මෙරට පාතාලයේ බිහිසුණුම අපරාධකරුවකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා මැලේසියාවේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට තහවුරු නොකළ වාර්තා පවසයි.

ආරංචි මාර්ගවලට අනුව, පද්මේ සමඟ කොමාන්ඩෝ සලින්ත සහ හරක්කටාගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන ඇත. ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර භාවිතයෙන් මැලේසියාව හරහා තායිලන්තයට පලා යෑමට උත්සාහ කිරීමේදී මොවුන් මැලේසියානු පොලිසියට හසුවී ඇත.

සාරා ජස්මින් මැරිලා නෑ පෙන්නපු DNA වාර්තා බොරු, මහජන ආරක්ෂක ඇමතිගෙන් හෙළිදරව්වක්

සාරා ජස්මින් මැරිලා නෑ පෙන්නපු DNA වාර්තා බොරු, මහජන ආරක්ෂක ඇමතිගෙන් හෙළිදරව්වක්

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසා ඇත්තේ, පද්මේ ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතත්, මැලේසියානු පොලිසිය එය තවමත් තහවුරු කර නැති බවයි. මේ සම්බන්ධයෙන් එරට පොලිසිය සමඟ සාකච්ඡා පවත්වන බවද ඔහු සඳහන් කළේය.

කොළඹ අලුත්කඩේ අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ ප්‍රධාන සැලසුම්කරු ලෙස පද්මේ සැලකෙන අතර, කොමාන්ඩෝ සලින්ත මෙම ප්‍රහාරය මෙහෙයවූ බව පොලිසිය පවසයි. සලින්ත, පද්මේගේ පාතාල කල්ලියේ උපදේශකයකු ලෙසද සැලකේ.

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

ගම්පහ පාතාලයේ ආධිපත්‍යය සඳහා පද්මේ සහ ගණේමුල්ලේ සංජීව අතර දිගුකාලීන ගැටුමක් පැවති අතර, මෙම ගැටුම්වලින් දෙපාර්ශ්වයේම 20කට වැඡි පිරිසක් ඝාතනයට ලක්ව ඇත. පද්මේගේ පියා වන කෙහෙල්බද්දර නෙවිල්, සංජීව ඇතුළු පාතාල කල්ලියක් විසින් ඝාතනය කිරීමෙන් පසු, පළිගැනීමක් ලෙස සංජීව ඝාතනය කිරීම පද්මේ විසින් සැලසුම් කරන ලදී.

ගම්පහේ ව්‍යාපාරික ඔස්මන් ඝාතනයට ද පද්මේ උත්සාහ කළත් එය අසාර්ථක විය. 2021දී ව්‍යාජ විදේශ ගමන් ඬලපත්‍රයක් භාවිතයෙන් ඔහු ඩුබායි වෙත පලා ගිය අතර, එම ඬලපත්‍රය 2014දී නිකුත් කළ, 2024දී කල් ඉකුත් වූ එකකි.

පසුව නව ව්‍යාජ ඬලපත්‍ර සකස් කිරීමට උත්සාහ කළ පද්මේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයකු හරහා එය ඉටුකිරීමට උත්සාහ කළත්, එම නිලධාරියා පොලිසියට හසුවිය. පද්මේගේ සහචරයන් දෙදෙනකු ද ව්‍යාජ ඬලපත්‍ර සකස් කිරීමට උදව් කිරීමේදී අත්අඩංගුවට ගැනිණි.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

පසුව වෙනත් පුද්ගලයකු හරහා නව ව්‍යාජ ඬලපත්‍රයක් සකස් කර ඩුබායි වෙත ගෙන්වාගත් පද්මේ, එය භාවිතයෙන් තායිලන්තයට පලා යෑමට උත්සාහ කළ අතර, මැලේසියානු දේශසීමාවේදී පොලිසියට හසුවිය.

පද්මේ ඇතුළු අත්අඩංගුවේ සිටින පාතාල සාමාජිකයන් ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට මැලේසියානු පොලිසිය සමඟ සාකච්ඡා පවත්වන බව පොලිස් ආරංචිමාර්ග පවසයි. එහෙත්, මැලේසියානු පොලිසියෙන් ලිඛිත තහවුරුකිරීමක් ලැබෙන තුරු බලා සිටින බව පොලිස් මූලස්ථාන ආරංචි පවසයි.

ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ වංචාවක් මහ බැංකුව හෙළිකරයි

ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ වංචාවක් මහ බැංකුව හෙළිකරයි

මැලේෂියාවේ දී අත් අඩංගුවට පත් කෙසෙල් බද්දර පද්මේ ඇතුළු කල්ලියේ ව්‍යාජ ගමන් බලපත්‍ර 


 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha