සාරා ජස්මින් මැරිලා නෑ පෙන්නපු DNA වාර්තා බොරු, මහජන ආරක්ෂක ඇමතිගෙන් හෙළිදරව්වක් [PHOTOS]

Report

මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා විසින් පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින් 2019/4/29 දින සයින්දමර්දු ප්‍රදේශයේ දී සිදුවූ ස්වයං ඝාතන බෝම්බ පිපිරීමෙන් මියගිය බවට වන තොරතුර අතිශය බරපතළ සැකයට ලක්වන බව විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පවසයි.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

ඒ අනුව ඔහු පවසා ඇත්තේ,

 “ඩීඑන්ඒ වාර්තා 2ක් කැඳවලා තියනවා.ඒ වාර්තා දෙකේම ඇයගේ සමීපතමයින්ගේ ඩීඑන්ඒ සමග ගැලපෙන්නේ නෑ. තුන්වන අවස්ථාවේ දී එවකට මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකරගේ මැදිහත්වීමෙන් වාර්තාවක් කැඳවා සාරා ජස්මින් මිය ගිය බවට සහතික කරන්න හදනවා.” නමුත් ඒ DNA සාම්පල් ලබා ගැනීම සහ DNA පරීක්ෂාව සම්බන්ධව බරපතළ සැක කටයුතු හැසිරීම් අනාවරණය වී තිබෙනවා. මේ බරපතළ සිද්ධිය සම්බන්ධව මේ අවස්ථාවේ මේ සභාවට අනාවරණය නොකරන අතර අවශ්‍ය වෙලාවේ දී අධිකරණයට කරුණු ගොනු කරනවා.” යනුවෙන්.

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි

එසේම අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ සාරා ජස්මින් 2019/04/29 දින මිය ගියාද නැද්ද යන්න සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් දැනට උද්ගතව ඇති බැවින් ඒ සම්බන්ධව ගැඹුරු විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරමින් තිබෙන බවයි.

ඉදිරියට බොන්න වතුර ටිකක්වත් නැතිවෙයි? විශේෂ දැනුම් දීමක්

ඉදිරියට බොන්න වතුර ටිකක්වත් නැතිවෙයි? විශේෂ දැනුම් දීමක්

GalleryGalleryGallery