ජාතික රුක්රෝපණ වැඩසටහන මනම්පිටියේදී....

srilanka nature mahinda amarawera
By Nimal Jul 15, 2021 04:33 AM GMT
Nimal

Nimal

Report

මහවැලි ගං ඉවුරේ පැළ 1,68000ක් රෝපණය කිරීමේ ඉවුරු රකින පවුරු වැඩ සටහන හෙට (16) ඇරඹෙන බව පරිසර අමාත්‍යංශය පවසයි.

අපේ රටේ දිගම ගංගාව වන මහවැලි ගඟේ කිලෝමීටර් 360ක් දිග ගං ඉවුරු ආරක්ෂා කිරීමේ අරමුණින් කුඹුක් පැළ හා මී පැළ රෝපණය කිරීම මෙම වැඩ පිළිවෙල් අරමුණවෙයි.. පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩ සටහන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ඉවුරු රකින පවුරු ලෙස නම් කර තිබේ.

මෙහි සමාරම්භක පැළ රෝපණය කිරීමේ අවස්ථාව හෙට දින (16) පෙරවරු 10,00ට පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගං ඉවුරු අසළ දී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹීමට නියමිතය.

ටොකියෝ සිමෙන්ති සමාගම මෙම වැඩ පිළිවෙළ සඳහා පූර්ණ දායකත්වය සපයයි.ඉවුරු රකින පවුරු යටතේ මහවැලි ගඟේ කිලෝමීටර් 360ක් දිග ඉවුරුවල මීපැළ හා කුඹුක් පැළ 1,68000ක් රෝපණය කිරීමට අපේක්ෂිතය.

ReeCha