එක්සත් ජනපද සහය විදෙස් ඇමති අගයයි..
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මැතිණිය ඊයේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවු අවස්ථාවේ, කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනයේ පාරිසරික හා සමාජ-ආර්ථික බලපෑම අවම කිරීම සඳහා ලබා දුන් සහයෝගය පිළිබඳව විදේශ ඇමතිවරයා එක්සත් ජනපද රජයට සහ එහි ජනතාවට ස්තූතිය පුද කළේය.
යූඑස්ඒඩ් ඇමරිකන් ආධාර යටතේ පෞද්ගලික ආරක්ෂක උපකරණ සහ ඔක්සිමීටර් වැනි හදිසි වෛද්‍ය සැපයුම් ලබාදීම සහ කෝවැක්ස් වැඩසටහන හරහා එන්නත් ලබා දීම පිළිබඳව එතුමා එක්සත් ජනපද රජයට මෙහිදී විශේෂයෙන් කෘතඥතාව පල කෙළේය.
දෙරට භුක්ති විඳින ශක්තිමත් දේශපාලන හා ආර්ථික ද්විපාර්ශ්වික සහයෝගීතාව උපයෝගී කරගනිමින් සිදුකරන එක්සත් ජනපදයේ පෞද්ගලික අංශයේ ආයෝජන ද විදේශ අමාත්‍යවරයා ගේ ඇගැයිමට ලක්විය.
දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සහයෝගිතාව සහ වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුම්, ඒකාබද්ධ කොමිසම, ඇතුළු අනෙකුත් ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව ද මෙහි දී දෙපාර්ශවය අතර දිර්ගව සාකච්ඡා කෙරිණි. එක්සත් ජනපද සහය විදෙස් ඇමති අගයයි.. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මැතිණිය ඊයේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවු අවස්ථාවේ, කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනයේ පාරිසරික හා සමාජ-ආර්ථික බලපෑම අවම කිරීම සඳහා ලබා දුන් සහයෝගය පිළිබඳව විදේශ ඇමතිවරයා එක්සත් ජනපද රජයට සහ එහි ජනතාවට ස්තූතිය පුද කළේය.
යූඑස්ඒඩ් ඇමරිකන් ආධාර යටතේ පෞද්ගලික ආරක්ෂක උපකරණ සහ ඔක්සිමීටර් වැනි හදිසි වෛද්‍ය සැපයුම් ලබාදීම සහ කෝවැක්ස් වැඩසටහන හරහා එන්නත් ලබා දීම පිළිබඳව එතුමා එක්සත් ජනපද රජයට මෙහිදී විශේෂයෙන් කෘතඥතාව පල කෙළේය..
දෙරට භුක්ති විඳින ශක්තිමත් දේශපාලන හා ආර්ථික ද්විපාර්ශ්වික සහයෝගීතාව උපයෝගී කරගනිමින් සිදුකරන එක්සත් ජනපදයේ පෞද්ගලික අංශයේ ආයෝජන ද විදේශ අමාත්‍යවරයා ගේ ඇගැයිමට ලක්විය.
දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සහයෝගිතාව සහ වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුම්, ඒකාබද්ධ කොමිසම, ඇතුළු අනෙකුත් ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව ද මෙහි දී දෙපාර්ශවය අතර දිර්ගව සාකච්ඡා කෙරිණි.
