කංජිපානි ඉමාරාන්, කුඩු අංජු, රොටුඹ අමිල සහ රූබන් වැනි පාතාල නායකයන් රැසක් ගැන හෙළිදරව්වක්
මෙරට ප්‍රධාන පෙළේ අපරාධකරුවන් දස දෙනෙකුට අධික පිරිසක් යුරෝපීය රාජ්‍යයන්ගෙන් දේශපාලන රැකවරණ ලබා ගැනීම නිසා ඔවුන් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ රජයේ උත්සාහයන් දුෂ්කර තත්ත්වයකට පත්ව තිබෙනවා.
ඒ අනුව සඳහන් වන්නේ කංජිපානි ඉමාරාන්, කුඩු අංජු, රොටුඹ අමිල සහ රූබන් වැනි ප්‍රකට අපරාධකරුවන් කිහිප දෙනෙක් මෙසේ යුරෝපයට පළා ගොස් ඇති බවයි.
මේ අතර විශේෂ කරුණක් නම්, රත්මලානේ කුඩු අංජු ප්‍රංශයේදී අත්අඩංගුවට පත් වුවත් ඔහුට එරට දේශපාලන රැකවරණය ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාවට භාරදීම සිදු නොවුණි.
ඒ අනුව පොලීසිය වාර්තා කරන තොරතුරු අනුව එංගලන්තය, ප්‍රංශය, රුසියාව, ඉතාලිය සහ ඔස්ට්‍රියාව වැනි යුරෝපීය රටවල් ප්‍රබල පාතාල ක්‍රියාකාරීන්ගේ නව තෝතැන්න බවට පත්ව ඇත.
ඊට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ රත්ගම විදුර, කොස්ගොඩ සුජී, ලාල්, අන්නාසි මොරිල්, සහ මොහොමඩ් සිද්ධික් වැනි බොහෝ දෙනෙක්ද දැනටමත් සිටින්නේ යුරෝපයේ බව වාර්තා වේ.
මෙයට ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ බොහෝ යුරෝපා රාජ්‍යයන් අතර සැකකරුවන් පිටුවහල් කිරීමේ (උදර්පණ) ක්‍රියාවලිය ශක්තිමත් නොවීමයි.