පණ බයේ හිටපු ලසන්ත මැරෙන්න කළින් ඉල්ලලා තියෙන දේ - ඝාතනයට හේතුවත් එළි වෙයි
වැලිගම ප්‍රාදේශීය සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසාගේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදු වෙන අතර ඝාතනය ගැන අලුත් තොරතුරු රැසක් ද හෙළිව තිබෙනවා.
ඒ අනුව මෙම ඝාතනය දකුණු පළාතේ ප්‍රධාන පෙළේ පාතාල කල්ලියක් මඟින් යුද හමුදාවෙන් පළා ආ සෙබළකුට ලබාදුන් මුදල් කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බව වාර්තා වේ.
එසේම මේ වන විටත් සීසීටීවී දර්ශනවලින් මෙම කුලී ඝාතකයා හඳුනාගෙන තිබෙන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වන බව සඳහන්.
මේ අතර ඝාතකයා සහ යතුරුපැදිකරු පළාගිය මාර්ගය හඳුනා ගැනීමට ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම යතුරුපැදියකින් පළාගොස් ඇති සැකකරුවන් අතරමඟදී යතුරුපැදි දෙකකින් වෙන් වෙන්ව පළාගිය බවටද ලැබුණු තොරතුරු මත විමර්ශන සිදු කරයි.
ඒ අතරම සිද්ධිය වූ අවස්ථාවේ ප්‍රදේශයේ හුවමාරු වූ දුරකථන ඇමතුම් විශ්ලේෂණ වාර්තා ද ලබාගෙන ඒ ඔස්සේ ද වෙනම පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බව සඳහන්.
වැලිගමදී ලසන්තට වෙඩි තියලා ඝාතකයන් දුවලා තියෙන තැන - ආපු ගියපු හැටිත් එක්ක ආයුධ ගෙනාපු විස්තරත් එළියට
ඊට අමතරව මෙම ඝාතනය පිටුපස මිදිගම රුවන්, මිදිගම චූටි සහ හරක් කටා යන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සම්බන්ධයක් ඇති බවට ලැබී ඇති තොරතුරු මත ද පොලිස් පරීක්ෂණ පවත්වන බව සඳහන්.
මේ අතර වැලිගම, ඉබ්බාවල ප්‍රදේශයේ නිවසක තිබී ටී-56 ගිනි අවි තුනක් ඇතුළු යුද උපකරණ තොගයක් පොලිසිය මඟින් මින් පෙර සොයාගෙන ඇත. අඳාළ වැටලීමට පොලීසියට තොරතුරු ලබා දුන්නේ ලසන්ත වික්‍රමසේකර බවට පාතාල කණ්ඩායම්වලට දැඩි සැකයක් තිබූ බවක් සඳහන්.
ඒ අනුව එම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මිදිගම රුවන්ගේ කිට්ටු ඥාතියෙකු වීම මෙම ඝාතනයට ආසන්නතම හේතුව විය හැකි බවට ද සැක මතුව ඇත.
එමෙන්ම ඝාතනයට ලක්වීමට පෙර සිටම ලසන්ත වික්‍රමසේකර දැඩි මරණ බියකින් සිට ඇති අතර, ඔහු තම පදිංචි ස්ථාන නිතර වෙනස් කරමින් රහසිගත ජීවිතයක් ගත කර තිබෙන බව ද හෙළි වේ.
තමාට එල්ල වී තිබූ මෙම තර්ජන නිසා ඔහු පෞද්ගලික ආරක්ෂකයින් පහළොස් දෙනෙකු පමණ තම ආරක්ෂාවට යොදවාගෙන සිටි බවද සඳහන්.
එසේ වුවත් ඝාතනය සිදුවන විට එම ආරක්ෂකයින් කිසිවෙකු ඔහු අසල නොසිටීම සම්බන්ධයෙන් ද පොලිසියේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.
මේ අතර වාර්තා වූයේ තම ජීවිතයට තර්ජනයක් පවතින බව කියමින් ලසන්ත වික්‍රමසේකර මින් පෙර පොලිස්පතිවරයා වෙත ලිපියක් ද යොමු කර ඇති බවයි.
ඒ අනුව ඉකුත් අගෝස්තු මස 29 වන දින දිවුරුම් ප්‍රකාශයක්ද සමගින් යොමු කළ අඳාළ ලිපියෙන්, 'මිදිගම රුවන්' හෙවත් 'රුවන් ජයසේකර' තමන්ව උසාවියට හෝ ප්‍රාදේශීය සභාවට පැමිණෙන විටක වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කරන ඇති බව ඔහු පැහැදිලිව දන්වා තිබුණු බව කියයි.
එහෙත් ඔහුට නිල පොලිස් ආරක්ෂාවක් ලබා නොදීම ද දැනටමත් කතාබහට ලක්ව ඇත. එසේ වුවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ 'වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ' පනත යටතේ හෝ 'ප්‍රභූ ආරක්ෂක' ක්‍රමවේදය යටතේ ඔහුට ආරක්ෂාව සැපයීමට නීතිමය බාධා තිබූ බවයි.
ඊට හේතු වී ඇත්තේ ලසන්ත වික්‍රමසේකර 2022 වසරේ 'සන්ෂයින් සුද්දා' ඝාතනය ඇතුළු අපරාධ නඩු කිහිපයක විත්තිකරුවෙකු වීමයි.
කෙසේ වෙතත් මෙම ඝාතන සිද්ධිය රට තුළ ආන්දෝලනයක් මතු කර ඇති අතර පාර්ලිමේන්තුව තුළ ද යම් යම් කතාබහ සිදු වේ.
ඒ අතර අපරාධ පසුබිමක් ඇති අයෙක්ට ප්‍රධාන දේශපාලන පක්ෂයකින් නාමයෝජනා ලබා දීම සම්බන්ධයෙන් ද විවේචන එල්ල වේ.
මේ අතර පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් මෙම විමර්ශන කටයුතු සිදු කරන බව සඳහන්.