ලංකාවේ වෙළඳුන් ට්‍රම්ප් ගාව දනින් වැටේ

Donald Trump Economy Canada Sinhala news
By Mithu Apr 17, 2025 06:38 AM GMT
Mithu

Mithu

Report

 ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් ආනයනය කරන කුළු බඩු නිෂ්පාදන සඳහා තීරු බදු සහනයක් ලබා දෙන ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ කුළු බඩු ආනයනකරුවන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

වැට් බද්දෙන් නිදහස්වූ භාණ්ඩ ලිස්ට් එක මෙන්න

වැට් බද්දෙන් නිදහස්වූ භාණ්ඩ ලිස්ට් එක මෙන්න

ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44 ක තීරු බද්දක් පැනවූ අතර,පසුව එම තීරු බදු අය කිරීම දින 90 ක කාලයක් දක්වා කල් දැමීමට පියවර ගන්නා ලදි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් එරටට ආනයනය කරන තීරු බදු සඳහා සහනයක් ලබාදෙන ලෙස,කුළු බඩු ආනයනකරුවන් ඉල්ලීමක් කර තිබේ.

මෙරට කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන වලින් සියයට 15 ක්ම අපනයනය කෙරෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයටය. මීට අමතරව, මෙරට රබර් ආශ්‍රිත නිෂ්පාදනවලින් සියයට 33 ක්ද, පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් සියයට 18 ක්ද ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කෙරේ.

වැඩිපුරම කොටි ඉන්නේ ලංකාවේ

වැඩිපුරම කොටි ඉන්නේ ලංකාවේ

ReeCha