ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරයෙකුට උසස් පෙළ සිසුවෙක් පිහියෙන් අනි. - පිහිය උදරයේ අගල් දෙකක් යටට බසී.

Sri Lanka Police Sri Lankan Schools School Incident School Children Teachers
By Wayomi Jul 26, 2024 08:15 AM GMT
Wayomi

Wayomi

Report

පුත්තලම නගරයෙ ප්‍රධාන පෙලෙ පාසලක ගුරුවරයකුට පාසලේ ප්‍රධාන දොරටුව අසලදී සිසුවකු එල්ල කල පිහි ප්‍රහාරයකට ලක්ව ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ බලයට අගමැති අභියෝග කරයි.? - දේශබන්දුගේ පොලිස්පති ධූරය ගැන රජය ගත් තීරණය මෙන්න.

ශ්‍රේෂ්ඨාධිකරණ බලයට අගමැති අභියෝග කරයි.? - දේශබන්දුගේ පොලිස්පති ධූරය ගැන රජය ගත් තීරණය මෙන්න.


මෙලෙස පිහි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ප්‍රධාන ගණිත විෂය භාර ගුරුවරයා බවත් ඔහු විනය සම්බන්ධව ද පාසලේ කටයුතු කරමින් සිටින අයකු බවද වාර්තා වෙනවා.

පිහි ප්‍රහාරයට ලක්වු ගුරුවරයා කඩිනමින් පාසලේ ගුරුවරුන් විසින් ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබුණා.

වඳින්න ගිය බෝ ගස හිසට කඩා වැටෙයි. - හාස්කමකින් මෙන් සිදු වූ දේ මෙන්න. - ජීවිත 5කට දෙවියෝ දුන් තීන්දුව. - (PHOTO)

වඳින්න ගිය බෝ ගස හිසට කඩා වැටෙයි. - හාස්කමකින් මෙන් සිදු වූ දේ මෙන්න. - ජීවිත 5කට දෙවියෝ දුන් තීන්දුව. - (PHOTO)


ගුරුවරයාට මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇත්තේ එම ප්‍රධාන පෙලේ පාසලේ අපොස උසස් පෙළ ශ්‍රේණි වල අධ්‍යාපනය ලබන සිසුවකු බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

අදාල සිසුවා පාසලට එමින් සිටියදී ගුරුවරයා ප්‍රධාන දොරටුව අසලදී කිසියම් සිදුවිමක් සම්බන්ධව ප්‍රශ්ණ කර ඇති බවත් එහිදි සිසුවා සගවා ගෙන සිටි පිහියක් ඇද එකවර ගුරුවරයාගේ උදරයට එක් පහරක් එක්ක කර ඇති බව සඳහන්.

එහිදි පිහි පහරට ලක්වු ගුරුවරයා එකවර ඇද වැටි ඇති අතර සිසුවා පිහියත් රැගෙන එම ස්ථානයෙන් පැන ගොස් ඇත.

කෙසේ නමුත් මෙම සිසුවා හා ගුරුවරයා අතර කුමන ප්‍රශ්ණයක් මත මෙම පිහි ඇනුව සිදුවුවා දැයි යන්න පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇති අතර ලැබෙන තොරතුරු මත වාර්තා වන්නේ මෙම සිසුවාගෙ කොන්ඩය සම්බන්ධව අදාල ගුරුවරයා කිසියම් දැනුවත් කිරීමක් කර තිබු බවත් එය පිහි ප්‍රහාරයට ලක්වු දින උදෑසනද ඒ පිළිබදව ප්‍රශ්ණ කිරීමේදි මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇති බවත්ය.

ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටින් යයි? - පොලිස්පති ධුරයට ඇත්තටම සිදු වී ඇති දේ. - මොකක් ද ඒ හතරබීරි කතාව.?

ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටින් යයි? - පොලිස්පති ධුරයට ඇත්තටම සිදු වී ඇති දේ. - මොකක් ද ඒ හතරබීරි කතාව.?


කෙසේ වෙතත් මෙම කරුණු නිවැරිදි දැයි යන්න පොලිස් කණ්ඩායම් පරික්ෂණ ආරම්භ කර ඇත.

පසුව අදාල පිහි ප්‍රහාරය එල්ල කල අපොස උසස් පෙළ ශ්‍රේණියක අදාල සිසුවා පුත්තලම මූලස්ථාන පොලිසියෙ නිළධාරීන් පිරිසක් විසින් පිහි ප්‍රහාරය එල්ල කර සුළු වේලාවකින් පාසල තුළදිම අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිසුවා එල්ල කල පිහි ප්‍රහාරයෙන් ගුරුවරයාගේ උදරයෙ අගල් දෙකකට ආසන්න යටට බැස තිබු බවත් ඔහුගේ තත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා