ඩොලරය නිසා අද රුපියලට වූනු දේ
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
By Zara
අද (24) දින සිකුරාදාට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබෙන බව ශ්‍රී ලංකා මහා බැංකුව දැනුම් දී තිබෙනවා.
මහ බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 292.25 සිට රුපියල් 292.40 ක් විය.
එසේම විකුණුම් අනුපාතය රුපියල් 300.75 සිට රුපියල් 300.91 දක්වා ඉහළ ගොස් ඇති බවද ඔවුන් පවසයි.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශීය මුදල් කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අධිප්‍රමාණය වී ඇති බවද ඔවුන් වැඩි දුරටත් පැවසීය.
