විනෝදෙට ඔරු පදින්න ගිහින් වුණු විනාශය

By Zara Mar 24, 2025 01:00 PM GMT
Report

කළුතර කලපුවේ විනෝදයට ඔරු පදිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් උසයිර් මොහොමඩ් ඉන්සාෆ් නමැති 33 හැවිරිදි පුද්ගලයෙක් සහ මොහොමඩ් හුසයින් නම් වූ පුද්ගලයෙකි.

පොලීසිය පැවැසුයේ එක් මරණකරුවෙකු දින දෙකකට පෙර කලපුවේ ඔරු පදිමින් සිටින බව දන්වා දුරකථන ඇමතුමක් ලබාදී තිබූ බවත් ඉන්පසු කිසිදු තොරතුරක් වාර්තා නොවූ බවයි.

මළසිරුරක් කළුතර කලපුවේ පාවෙමින් තිබෙන බවට ලද දුරකථන ඇමතුමක් අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් , පැය තුනකට පමණ පසුව තවත් මළසිරුරක් හමුව ඇති බවත් පොලීසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

සිසුවියන් විශාල පිරිසක් දුෂණය කළ විදුහල්පතිවරයා...

සිසුවියන් විශාල පිරිසක් දුෂණය කළ විදුහල්පතිවරයා...

බෝඩිං සිසුවියන්ව අපයෝජනයට ලක්කළ අධ්‍යාපන ආයතනයක හිමිකරු දැලේ!

බෝඩිං සිසුවියන්ව අපයෝජනයට ලක්කළ අධ්‍යාපන ආයතනයක හිමිකරු දැලේ!