එහෙම කොහොමද අපිත් 30% තව අඩු කර ගන්නවා, සහන ඉල්ලා ලංකාවේ නියෝජිතයින් අමෙරිකාවට
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා විසින් අමෙරිකාව ශ්‍රී ලංකාවට පැනවූ 30% අන්‍යෝන්‍ය තීරුබදුවලට අදාළව තවදුරටත් සහනයක් ලබාගැනීමට ලබන අගෝස්තු පළමුවනදාට පෙර අමෙරිකාව හා සාකච්ඡා සිදුකරන බව පවසා ඇත.
එසේම ඒ සඳහා සහභාගී වන මෙරට නියෝජිත කණ්ඩායම ඉදිරියේදී දැනුම්දෙනු ඇති බවත් ඔහු කියා තිබෙනවා.

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 100කට ආසන්න සංඛ්‍යාවක් ඉලක්ක කරමින් නව අන්‍යෝන්‍ය තීරුබදු හඳුන්වාදීමට ඉකුත් අප්‍රේල් මාසයේදී ක්‍රියා කළ අතර එහිදී මෙරටට 44%ක තීරුබදු පනවා ඇත.
පසුව එය ක්‍රියාත්මක කිරීම දින 90ක කාලයකට අත්හිටුවීමට ට්‍රම්ප් පියවර ගෙන තිබුණේ ඊට රටවල් රැසකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලමින්.
කෙසේ වෙතත් ඉකුත් 9 වන දා අමෙරිකාව නව තීරුබදු පිළිබඳ මෙරටට නිල වශයෙන් දැනුම්දී තිබු අතර පනවා තිබූ නව තීරු බද්ද 30% ක් බව සඳහන් විය.
එමෙන්ම ඒ තීරණය ලබන අගෝස්තු පළමුවනදා සිට බලාත්මක වීමට නියමිතයි.
කෙසේ වෙතත් අමෙරිකාවෙන් බදු සහන ලබාගැනීමට අගෝස්තු පළමුවනදාට පෙර තවදුරටත් සාකච්ඡා කිරීමට මෙරටට තීරණය කර ඇත.
එනිසා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ මෙරට නියෝජිත පිරිස ඉදිරියේදී අදාළ සාකච්ඡාවට සහභාගි වීමට අමෙරිකාවට පිටත්ව යාමට නියමිත බවත් ඊයේ (12) දින ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී ඒ පිළිබඳව අවධානය යොමු වූ බවත් ය.
මේ අතර මංගල විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ එම සාකච්ඡාවල දී අමෙරිකානු භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් ද අවධානය ද යොමුවනු ඇති බවයි.
