බොරලැස්ගමුව කළඹමින් වෙඩිතැබීමක් - එක් අයෙක් ජීවිතක්ෂයට
අද (04) රාත්‍රියේ බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලිසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා සිය නිවසේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙසේ පිස්තෝල අවියකින් වෙඩිතබා ඇති බවයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 74ක් වූ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
එසේම වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරුවන් පලාගොස් ඇත. එමෙන්ම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ.