ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් දැනුවත් කිරීමක් - මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මිලියන 28කට අධික වන්දි

Report

ඉකුත් මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි මුදලක් අයකර ගැනීමට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉකුත් වසරේ අගෝස්තු මාසයේ සිට මෙම වසරේ අගෝස්තු දක්වා වූ කාලසීමාව තුළ මෙම වන්දි මුදල් අය කරගෙන තිබෙන බව සඳහන්.

එසේම එකී මුදල් කොළඹ පිහිටි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය හරහා මියගිය අයගේ ළඟම ඥාතීන් වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

ජපන්, යුරෝපා වාහන ලංකාවට ගෙන්වීම නවතීද? ලංකාවේ වාහන වෙළඳපොළ උඩුයටිකුරු කරමින් දැවැන්ත වෙනසක්

ජපන්, යුරෝපා වාහන ලංකාවට ගෙන්වීම නවතීද? ලංකාවේ වාහන වෙළඳපොළ උඩුයටිකුරු කරමින් දැවැන්ත වෙනසක්

ඕමානයේ අදාළ ආයතන, සමාගම් සහ බලධාරීන් සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවැත්වූ නිරන්තර සාකච්ඡා සහ සම්බන්ධීකරණය නිසා මෙම වන්දි මුදල් ලබා ගැනීමට හැකි ව ඇති බව සඳහන්.

එමෙන්ම ඕමානයේ රැකියාවල නිරතව සිටියදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් හිමිවිය යුතු හිඟ වන්දි මුදල් අය කර ගැනීමේ කටයුතු සඳහා තානාපති කාර්යාලය ඉදිරියටත් සක්‍රීයව මැදිහත් වන බව වැඩිදුරටත් වාර්තා වේ.

මේ ටින් මාළුවලට උපරිම සිල්ලර මිලක් - හෙට සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදී ගැසට් නිවේදනයක්

මේ ටින් මාළුවලට උපරිම සිල්ලර මිලක් - හෙට සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදී ගැසට් නිවේදනයක්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිසුන්ට විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිසුන්ට විශේෂ නිවේදනයක්

නාමල් වෙනුවෙන් දුවගෙන ආපු ඉරාජ් - අල්ලස් කොමිසමේ ඉදිරියේ මහ සෙනඟක්

නාමල් වෙනුවෙන් දුවගෙන ආපු ඉරාජ් - අල්ලස් කොමිසමේ ඉදිරියේ මහ සෙනඟක්