ලංකාවටම ලැජ්ජාවක් - ලිංගික අතවර කිරීම් ඇතුළු බරපතළ චෝදනා රැසකට අමෙරිකාවේදී ලාංකික මහාචාර්යවරයකු අත්අඩංගුවට
අමෙරිකාවේ මිචිගන් හි විශ්ව විද්‍යාලයක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික මහාචාර්යවරයකු, අත්අඩංගුවට ගෙන රඳවාගෙන ඇතැයි එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඒ අනුව අඳාළ නිවේදනයේ ඔහුට එරෙහිව බාල වයස්කරුවෙකුට අතවර කිරීම, ලිංගික ස්පර්ශයකට ආරාධනා කිරීම, මරණ තර්ජන එල්ල කිරීම, දැඩි අශෝභන හැසිරීම සහ අවිනීත හැසිරීම් ඇතුළු අපරාධ ඉතිහාසයක් පවතින බවට සඳහන් වේ.
මෙම පුද්ගලයා මිචිගන් හි ෆෙරිස් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ සේවය කළ සහකාර මහාචාර්යවරයෙකු වන අතර අමෙරිකාව තුළ ලේඛනගත නොවූ සංක්‍රමණිකයෙකු බව පවසමින් එරට ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) නිලධාරීන් මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් නොවැම්බර් 12 වන දිනයි.
එසේම මෙය සතියක් ඇතුළත එරටදී විදේශීය විද්වතෙකු අත්අඩංගුවට ගත් දෙවන සිද්ධිය ද වේ. මේ වන විට ඔහු බටහිර මිචිගන් හි නෝර්ත් ලේක් බන්ධනාගාරයේ රඳවා සිටින බව වාර්තා වේ.
ඒ ආගමන නීති උල්ලංඝනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සඳහායි.
ෆෙරිස් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ තොරතුරුවල දැක්වෙන්නේ පශ්චාත් උපාධිධරයකු බව කියන අඳාඅළ සැකකරු මෙරට කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියකු බවයි.
2009 සිට ඔහු අමෙරිකාවේ මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කර ඇති අතර, මෑතකදී 2023 දී ෆෙරිස් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ අලෙවිකරණ සහකාර මහාචාර්යවරයෙකු වශයෙන් සේවයට එක් ව ඇත.
එමෙන්ම ඔහු දත්ත විශ්ලේෂණ උපදේශන හා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා වශයෙන්ද කටයුතු කර ඇත. මේ අතර විශ්ව විද්‍යාලය ඔහුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් දැන ගෙන ඇත්තේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අවස්ථාවේදී බව ද පැවසේ.
ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන වෙනුවෙන් ඔහු පරිපාලන නිවාඩු මත තබා ඇති බව පවසයි.
ඒ අනුව එම දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වෙන්නේ මෙම ලාංකිකයා දශක දෙකකට පෙර නීති බලාත්මක කිරීමේ අංශ සමග ඇති කරගත් ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ නීත්‍යානුකූල තත්ත්වයක් සඳහා සුදුසුකම් නොලබන බවයි.
එසේම 1998 අගෝස්තු 28 වැනිදා ඔහු කැනඩාවේ ඔන්ටාරියෝ හිදී මරණයට හෝ ශාරීරික හානියක් සිදු කිරීමට තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී ඇති බව ද එහි සඳහන්. ඉන් ඇප ලබා දින 3කට පසුව නැවත ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ බාලවයස්කරුවෙකු සම්බන්ධ ලිංගික ස්පර්ශයකට, ලිංගික මැදිහත්වීමකට ආරාධනා කිරීමේ චෝදනා මතයි.
මේ අතර 1998 නොවැම්බර් 12 අධිකරණය ඔහුට මාසයක සිර දඬුවමක් සහ වසරක පරිවාස කාලයක් නියම කර තිබෙනවා. එබැවින් අමෙරිකානු ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ කැනඩාවේදී මෙසේ දරුණු අපරාධ චෝදනාවලට වරදකරු බවට පත්වීම ම අමෙරිකාවේ නීතිමය ආවරණයකට යටත්වීමට නුසුදුස්සකු වන බවයි.
ඒ අනුව 2003 සැප්තැම්බර් 25 ලාස් වේගාස් හිදි මෙට්‍රොපොලිටන් පොලීසිය ඔහු අත්අඩංගුවට ගත්තේ ප්‍රසිද්ධියේ ලිංගික හෝ අශෝභන හැසිරීම හේතුවෙන්.
මේ අතර 2004 ජනවාරි 16 වැනිදා ද ඔහු අමෙරිකාවේ නෙවාඩා විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ශිෂ්‍යයෙකු වශයෙන් සිටියදී අශෝභන හැසිරීම සම්බන්ධයෙන් වරදකරු වී දඩයක් ගෙවීමකට යටත් වී ඇත.
මෙහිදී අමෙරිකාවේ ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මෙම සැකකරු 1998 දී අමෙරිකාවට පැමිණ නැවත කැනඩාවට ගොස්, එම වසරේම පසුව ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත යළි අමෙරිකාවට පැමිණ ඇති බවයි.
අමෙරිකානු රජය මඟින් 2012 දී අමෙරිකානු පුරවැසිභාවය සහ ආගමන සේවා සමඟ ඔහුගේ පුරවැසි තත්ත්වය වෙනස් කිරීමට ඉල්ලුම් කළ විට ඔහු කැනඩාවේ අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ බව සොයාගෙන ඇත.
කෙසේ වෙතත් විදේශීය විද්වතුන් පරීක්ෂාවට ලක් කිරීම මෑත මාසවලදී ට්‍රම්ප් පරිපාලනය විසින් දැඩි අවධානය යොමු කළ මෙහෙයුමක් විය. ඒ අනුව අමෙරිකානු රජය සඳහන් කළේ මොහු විසින් කැනඩාවේදී චෝදනා ලැබ සිටියදීත් වරින් වර අමෙරිකාවේ ආගමන පද්ධතිය තුළින් රිංගායෑමට උත්සාහ කළ බවයි.
එබැවින් සැකකාර ලාංකිකයාට එරෙහි එරට නීතිමය කටයුතුවලින් පසුව මෙම මහාචාර්යවරයාට කිසිසේත් අමෙරිකාව තුළ තවදුරටත් රැඳී සිටීමට නොහැකි වනු ඇති බව වාර්තා වේ.
අඳාළ ලාංකික මහාචාර්යවරයා අත්අඩංගුවට ගැනීම ප්‍රසිද්ධියට පත් වූයේ, ඉරාන අධ්‍යයන පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වූ වහීඩ් අබෙඩිනි අධ්‍යයන සමුළුවකට පියාසර කිරීමට පෙර ගුවන් තොටුපළකදී ICE මඟින් රඳවා ගනු ලැබූ සතියේදීමයි.
එසේ වුවත් අබෙඩිනි නීත්‍යානුකූලව H-1B වීසා බලපත්‍රයක් මත එක්සත් ජනපදයේ සිටි අතර දින තුනකින් අනතුරුව නිදහස් කර ඇත.