දරුවා මගේ නෙමෙයි DNA කරන්න බෑ එයාට වෙන කෙනෙක් ඉදලා - ඇප ලැබුණු චාමික කියයි

Report

ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව ගුවන් නියමුවරියක් ඉදිරිපත් කළ නඩුව අද (08) අධිකරණය හමුවේ නැවත කැඳවා තිබේ. පැමිණිලිකාරිය ඉල්ලා සිටියේ සිය දරුවාගේ පීතෘත්වය සනාථ කිරීම සඳහා චාමික කරුණාරත්නගේ DNA වාර්තාවක් ලබා දීමට අධිකරණයෙන් නියෝගයක් ලබාදිය යුතු බවයි.

නමුත් වගඋත්තරකාරයෙකුගේ නීතිඥවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලට අදාළව කරුණු සලකා බැලීමට නඩුව ජනවාරි 30 නැවත කැඳවීමට අධිකරණයන් නියම කර සිටියා. සිද්ධියට අදාළ වගඋත්තරකරු වන චාමික කරුණාරත්න රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහරිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළාය.

ගුවන් නියමුවරියක බව කියන සෙව්වන්දි ස්නාධීර නමැත්තියක විසින් ගොනුකර තිබු පැමිණිල්ලට අදාළ නඩුව අධිකරණය හමුවේ නැවත කැඳවූ ලැබුවා.

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

විවාහ වීමේ බලාපොරාත්තුව ඇතිව තමන් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සමඟ සබඳතාවයක් පවත්වාගෙන ගිය බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට දාව තමන්ට දරුවක් සිටින බව ද ඇය සිය පැමිණිල්ල මඟින් අධිකරණයට දැනුම් දී තිබුණා.

පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ජෙරුස තාමිබායියා නීතිඥවරිය සඳහන් කළේ සිද්ධියට අදාළව පීතෘත්වය සලකා බැලීමට ඩී. එන්.ඒ පරීක්ෂාවක් කිරීමට අධිකරණයෙන් නියෝගයක් ලබා දෙන ලෙසයි. එම අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ අසේල රැකවල සඳහන් කර සිටිය්, ඩී.එන්.ඒ වාර්තාවක් ලබා ගැනීමට අධිකරණයෙන් බලපෑමක් කළ නොහැකි බවත්, එය ඔප්පු කිරීම් භාරය ඉල්ලුම්කාරියට පවතින බවයි. ඒ අනුව වගඋත්තරකරු ඩි.එන්.ඒ පරීක්ෂාව කිරීම ප්‍රතික්‍ෂේප කරන බවත්, සිද්ධියට අදාළව පීතෘත්වය ලබාදීම ප්‍රතික්ෂේප කරන බව ද අධිකරණයට දැන්වුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ වගඋත්තරකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටිය්, මෙම ඉල්ලුම්කරු ගර්භනීව සිටි අවධියේ වෙනත් ඉන්දීය ගුවන් නියමුවරයක් සමඟ ඡායාරූප ද රැගන ඇති බවයි.

ලෝක බලවතාගෙන් ආධාර තොගයක් කටුනායකට

ලෝක බලවතාගෙන් ආධාර තොගයක් කටුනායකට

චාමික විවාහ වෙන බවට තමන්ට පොරාන්දුව ලබා දුන් නමුත් ඔහු තමන් හා විවාහ ගිවිස නොගත් බවත්, පසුව ඔහු තමාව හා දරුවාව අතහැර වෙන්ව සිටින බවද පවසන ඇය සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලා ඇත්යත් තමන්ව විවාහ කර නොගන්නේ නම් දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙසට ඔහුට නියෝගයක් ලබා දෙන පෙර නඩු දිනයේදි ඉල්ලා තිබුණා.

මේ පැතිවලට තද සුළං සමඟ දරුණු අකුණු - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

මේ පැතිවලට තද සුළං සමඟ දරුණු අකුණු - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

පැමිණිලිකාර ගුවන් නියමුවරිය හා වග උත්තරකාර චාමික කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය දැක්වූ කරුණු සලකා බලමින් මන්ත්‍රාත්වරයා එම නඩුව ජනවාරි 30 වන දින නැවත කැඳවීමට දින නියම කළා.