මේ කලබලේ ගුරුවරුත් මේවා ඉල්ලයි - ආණ්ඩුවට හරි වැඩේ
ආපදාවෙන් විනාශයට පත් වු ගුරුවරුන්ගේ ඔප්පුවක් හෝ ඉඩම් අයිතියක් නොමැති අයටත් වන්දි ලබාදිමට රජය කටයුතු කළ යුතු බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
ජෝසප් ස්ටාලින් මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය කදපොළ ප්‍රදේශයේ නායයෑමෙන් අවතැන් වූ සහ නිවාස අහිමි වු, ජීවිත අහිමිවු සහ ඉඩම් අහිමි වු ගුරුවරුන් පිලිබදව සොයැ බැලීමේන් පසු නුවරඑලියේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ,
දැන් විශේෂයෙන්ම අපි දන්නවා මේ වෙලා තියන ආපදා තත්වය මත ගුරුවරු ගණනාවක් පීඩාවට පත් වෙලා තියනවා.ඒ වගේම ජනතාවත් පීඩාවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි දකින දේ තමයි ගොඩක් අයගේ ගෙවල් විනාශ වෙලා තියෙනවා. සමහර ගෙවල් ගංවතුරට ගහගෙන ගිහිල්ලා තියෙනවා. ගෙවල් තියන තැනවත් නෑ. එතකොට මේ තත්වය තුල විශෙෂයෙන්ම ගුරුවරු රාජ්‍ය සේවකයෝ බරපතල පීඩාවට පත් වෙලා තියෙනවා.
නුවරඑලිය විශේෂ තත්වයක් මත. මොකද නුවරඑලියේ බහුතරක් ගුරුවරුන්ගේ සහ රාජ්‍ය සේවකයන්ගේ ගෙවල් හදලා තියෙන්නේ විශේෂයෙන්ම ඔවුන්ට අයත් ඉඩම් ඔප්පුවක් නැතුව. මොකද වතුවල තමන්ට පාරම්පරිකව ආපු ඉඩම්වල තමයි මේ ගෙවල් හදලා තියෙන්නේ. එතකොට දැන් මේ ගෙවල් ගහගෙන ගිහිල්ලා, අර්ධ හානිවෙලා නැතත්මි යන්න බැරි තත්වෙන් ඉවත් කියලා වෙලා.
යනුවෙන් ඔහු අදහස් දක්වයි.