ඉන්ධන පිරවුම්හලක් අසල සිදුවු ගුටි කෙළිය, පොලිසියෙන් හමාර විම...(VIDEO)
කැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම්හලක් අසල ඊයේ ගැටුමක් ඇති වී තිබෙනවා.
හිමිකරුවන් සහ පාරිභෝගිකයන් අතර ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් මෙම සිදුවීම ගුටි කෙළියක් දක්වා ම වර්ධනය වූ බව යි වාර්තා වන්නේ.
ඩීසල් ඉවර වී ඇති බවට දැනුම් දීමත් සමඟම කෙමෙන් කෙමෙන් ඇති වූ බහින් බස් වීම දුරදිග යාමෙන් අනතුරු ව එහි සිටි පුද්ගලයකු හා හිමිකරු අතර ඇති වූ ගැටුම මීට හේතු වයි.
පසු ව, පැමිණ සිටි පාරිභෝගිකයන් මෙන්ම ඉන්ධන හලේ සේවකයන් ද මැදිහත් වීමෙන් ගැටුම වර්ධනය වී විශාල ගුටි කෙළියක් දක්වා සිද්ධිය වර්ධනය වී තිබෙනවා.
එම අවස්ථාවේ දී ඉන්ධන පිරහුම් හල ඉදිරිපිට රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු පැමිණ ගැටුම සමථ කිරීමට උත්සාහ කළ බවත් වාර්තා වනවා.
ගැටුම නිම වීමත් සමඟම ඉන්ධන ලබා දෙමින් තිබූ ඩීසල් පොම්පය අසල විදුලිය ද විසන්ධි වී ප්‍රදේශය ම අන්ධකාර වී ඇති අතර,ගැටුමට සම්බන්ධ ව සිටි පාරිභෝගිකයන් හූ හඬ නගමින් එම ස්ථානයෙන් පිටත් වී තිබෙනවා
දර්ශන අයිතිය . හිරු නිවුස්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |