තව දින 10කින් දිවයින පුරා තද වැසි - ගංවතුර සහ නායයෑම් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

Report

තව දින 10කින් පමණ දිවයින පුරා පැතිරි ගිය වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ, මේ වනවිට එල්නිනෝ තත්ත්වයට මුහුණදීමට සියල්ල සුදානම් කරද ඉදිරියේ දී තද වැසි, නායයෑම් සහ ගංවතුර ඇති වෙනු ඇතැයි යන පුරෝකථනයට අනුව කටයුතු සුදානම් කළ යුතු බවය.

ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස දෙක තුළ වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවද පැවසු ඒ මහතා, ගංවතුර සහ නායයෑම් ඇති විය හැකි බවද පැවසීය.

ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවල බෙංගාල බොක්ක ආශ්‍රිතව කැලඹිලි ස්වභාවයන් නිරන්තරයෙන් ඇති වන කාලයක් වන අතර, එල්නිනෝ තත්ත්වය තුළ මෙය තීව්‍ර විය හැකි බවද අජිත් විජේමාන්න මහතා සදහන් කර තිබේ .

ලංකාවට ආසන්න වායුගෝලයේ කැලඹිලි ස්වභාවයේ වෙනසක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ඉල්ලීමක්

ලංකාවට ආසන්න වායුගෝලයේ කැලඹිලි ස්වභාවයේ වෙනසක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ඉල්ලීමක්

එතුමා සදහන් කළේ මේ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු අතර දෙසැම්බර් මාසයේ දී දිවයිනේ ඊශාන දිග කොටසට වැඩි වර්ෂාවක් බලාපොරොත්තු වන බවයි.

 මේ අතර උතුරු සහ නැගෙනහිර පළාත්වලට සාමාන්‍ය වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බවද පැවසු අජිත් විජේමාන්න මහතා, ඇතැම් විට IOD (Indian Ocean Dipole) තත්ත්වය තුළ එම ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් පවා ඇති විය හැකි බවද එතුමා සදහන් කර තිබේ.

ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාසවල උෂ්ණත්වය ඉහළ වර්ෂාපතනය අඩු කාලගුණයක් බලාපොරොත්තු වන බවද අජිත් විජේමාන්ත මහතා ප්‍රකාශ කර තිබේ මේ හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ දිවයිනට ලැබෙන වර්ෂාව කළමනාකරණය කරගත යුතු බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි   .

ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ලවලට හානි සිදු වීම නිසා තුර්කි ගුවන් සේවයට එරෙහිව දැඩි සමාජ මාධ්‍ය විවේචන

ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ලවලට හානි සිදු වීම නිසා තුර්කි ගුවන් සේවයට එරෙහිව දැඩි සමාජ මාධ්‍ය විවේචන