ඇමරිකා බදු සාකච්චා ගොඩදාන්න මහින්ද ගිහින්..

Report

එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ ආනයනික භාණ්ඩ සඳහා පනවා ඇති නව තීරු බදු පිළිබඳ ගැඹුරු සාකච්ඡාවකට එළඹීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් දෙවන වරටත් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ. මෙම සාකච්ඡාවන් වොෂින්ටන් ඩී.සී. හි පිහිටි එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේදී (USTR) එහි ඉහළ පෙළේ නිලධාරීන් සමඟ පැවැත්විණි.

 මෙම සාකච්ඡාවන් වොෂින්ටන් ඩී.සී. හි පිහිටි එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේදී (USTR) එහි ඉහළ පෙළේ නිලධාරීන් සමඟ පැවැත්විණි.

මාලනීය අවසන් කාලේ හිටියේ දුකින්..ඇය රජයේ මුදල් වංචා නොකළ බවට ලිපි එළියට හෙළිදරව්වක්...

මාලනීය අවසන් කාලේ හිටියේ දුකින්..ඇය රජයේ මුදල් වංචා නොකළ බවට ලිපි එළියට හෙළිදරව්වක්...

මෙම ඉතා වැදගත් සාකච්ඡාවලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් නියෝජ්‍ය අමාත්‍ය මර්ෂණ සූරියපෙරුම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

අමතරව, එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාද මෙම සාකච්ඡාවලට එක්ව ඇති අතර, ඔහු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන බවට තොරතුරු වාර්තා වේ.

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා

මහින්ද සමරසිංහ මහතා දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් එක්සත් ජනපදයේ තානාපති ධුරය හොබවන අතර, ජාතික ජන බලවේගයේ (NPP) නව පාලන යටතේද ඔහු එම ධුරයේ රැඳී සිටිමින්, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට සිය විශේෂිත දායකත්වය ලබා දෙයි.

මෙම සාකච්ඡාවන්හිදී, ශ්‍රී ලංකාවේ ආනයන-අපනයන වෙළඳාමට එක්සත් ජනපද තීරු බදු හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම්, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම්, කෘෂිකාර්මික භාණ්ඩ, සහ තේ වැනි ප්‍රධාන අපනයන භාණ්ඩවලට එල්ල වන බලපෑම් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.

කොරෝනා උග්‍ර වෙන ලකුණු - PCR පරීක්ෂණ ඇරඹේ..

කොරෝනා උග්‍ර වෙන ලකුණු - PCR පරීක්ෂණ ඇරඹේ..

මෙම සාකච්ඡාවන් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වයට සහ ජාත්‍යන්තර වෙළඳ සබඳතාවලට බලපෑම් එල්ල කළ හැකි බැවින්, එහි ප්‍රගතිය පිළිබඳ රජයේ ඉහළ අවධානයක් යොමුව ඇත. එක්සත් ජනපදයේ තීරු බදු පිළිබඳ මෙම සාකච්ඡාවන් ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයට ඇතිවිය හැකි අහිතකර බලපෑම් අවම කිරීමටත්, ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් ශක්තිමත් කිරීමටත් මඟ පාදනු ඇතැයි බලාපොරොත්තු වේ.

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්


GalleryGallery