අර්බුද මැද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉතිහාසගත ආරංචියක් - ට්‍රිලියනය පනී

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2026 මැයි 18 දක්වා එකතු කර ඇති සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියන එකක් (රුපියල් බිලියන 1,000) ඉක්මවා ගොස් ඇති බවට එම දෙපාර්තමේන්තුව මඟින් නිවේදනය කර ඇත.

ඒ අනුව අද (21) දින නිකුත් කළ නිවේදනයක කොමසාරිස් ජෙනරාල් රුක්දේවි පී.එච්. ප්‍රනාන්දු සඳහන් කළේ මෙම ජයග්‍රහණය රටේ මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කිරීමේ සහ රාජ්‍ය සේවාවන්ට සහාය වීමේ සැලකිය යුතු පියවරක් සනිටුහන් කරන බවයි.

එමෙන්ම සෘජුව සහ වක්‍රව බදු ගෙවීමෙන් තම යුතුකම් ඉටු කළ පුරවැසියන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ස්තූතිය පුද කරන බවත් මෙම සන්ධිස්ථානය කරා ළඟා වීමට මහජන දායකත්වය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බවත් සඳහන් කර ඇත.

අස්වැසුම ඕනේ නම් 31 ට කළින් කළ යුතු දේ රටටම දන්වයි - මේ තොරතුරු සඳහා නිලධාරීන් නිවෙස්වලට

අස්වැසුම ඕනේ නම් 31 ට කළින් කළ යුතු දේ රටටම දන්වයි - මේ තොරතුරු සඳහා නිලධාරීන් නිවෙස්වලට

රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ලද විධිමත් බදු පරිපාලන ක්‍රියාවලිය සහ මෑතකදී හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණ මෙම වාර්තාගත ආදායම උපයා ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව සඳහන්.

එමෙන්ම වසරේ මුල් මාස පහකට ආසන්න කාලසීමාවක් තුළ මෙවැනි ඉහළ බදු ආදායමක් සනිටුහන් කිරීම මෙරට රාජ්‍ය මුල්‍ය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බව මුල්‍ය අංශ පෙන්වා දෙයි.

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි - අද ඩොලරයේ මිල ගණන්

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි - අද ඩොලරයේ මිල ගණන්

බිමට බැස්ස වෙලාවේ රත්තරන් ගත්තේ නැති අයට නරක ආරංචියක් - අද ආයේ රන් මිල වැඩි වෙයි

බිමට බැස්ස වෙලාවේ රත්තරන් ගත්තේ නැති අයට නරක ආරංචියක් - අද ආයේ රන් මිල වැඩි වෙයි