හිටපු ජනපතිවරු වන රනිල්, මෛත්‍රී හා වත්මන් ජනපති අනුරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

Report

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වෛද්‍යමය සැත්කම් හරහා පුද්ගලයෙකුට තමා කැමති පරිදි ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කර ගැනීමට අවසර ලබාදෙමින් රජය නිකුත් කර ඇති නීති රීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට තීරණය කර ඇත.

ඊට අනුව හිටපු සහ වත්මන් රාජ්‍ය නායකයින් ඇතුළු පාර්ශව කිහිපයකට අදාළ කරුණු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස දන්වමින් නොතීසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

12කට මරණ දඩුවම ලැබුණා තමයි හැබැයි වෛරය වපුරපු අය ජනාධිපති ඇමති පුටුවල අපි ආවොත් ජවිපේ අල්ලනවා - සාගර කාරියවසම්

12කට මරණ දඩුවම ලැබුණා තමයි හැබැයි වෛරය වපුරපු අය ජනාධිපති ඇමති පුටුවල අපි ආවොත් ජවිපේ අල්ලනවා - සාගර කාරියවසම්

මෙම පෙත්සම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් ඉදිරිපත් කල අතර ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු සලකා බැලුණු අතර, ලබන ජූලි මස 20 වන දා පෙත්සම නැවත කැඳවීමට නියෝග කර ඇත.

පෙත්සම්කරු උපතින් උරුම වන ජීව විද්‍යාත්මක සාධකවලින් බැහැරව, හුදු පුද්ගල අභිලාෂය මත පමණක් ලිංගිකත්වය වෙනස් කිරීමට මෙරට නීතියෙන් ඉඩක් නොමැති බවත් 2016 වසරේ සෞඛ්‍ය අංශ නිකුත් කළ උපදෙස් මාලාවක් මත පදනම්ව, සැත්කම් මගින් ලිංගිකත්වය වෙනස් කළ අයට නව උප්පැන්න සහතික සහ හැඳුනුම්පත් නිකුත් කිරීම නීතිවිරෝධී බවටත් ශාන්ත ජයතිලක මහතා පවසා ඇත.

දහම් පාසල් සිසුවියට ලිංගික අතවර කළ විහාරාධිපති අත්අඩංගුවට

දහම් පාසල් සිසුවියට ලිංගික අතවර කළ විහාරාධිපති අත්අඩංගුවට

මෙවැනි ලිංගික පරිවර්තනයන් සඳහා රජය අනුබල දීම හරහා නීතියෙන් පිළි නොගන්නා සමලිංගික විවාහ සඳහා වක්‍රව මග පෑදෙන බව පෙත්සමෙහි සඳහන් වේ. ජනමත විචාරණයකින් තොරව මෙවැනි තීරණාත්මක වෙනස්කම් සිදු කිරීම නීත්‍යානුකූල නොවන බවට මීට පෙර අධිකරණය ලබාදුන් තීන්දුවක් ද මෙහිදී උපුටා දක්වා ඇත.

පසුගිය සහ වත්මන් රජයන් විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩපිළිවෙලවල් හරහා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටී. එබැවින්, ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට පහසුකම් සලසන සියලුම චක්‍රලේඛ සහ රාජ්‍ය ප්‍රතිපත්ති බලරහිත කරන ලෙස ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි. මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන්, වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ කාන්තා කටයුතු අමාත්‍යවරිය නම් කරනු ලැබ සිටිති.

News by ashfa